Love me

25 7 5
                                    

එක්තරා දවසක...තම එකම මිතුරියත් සමග පාසල් යෑමට ප්‍රිය කල මින්හා උදෑසනම ඇයගේ ගෙදර වෙත ගියේ ඇයත් සමග පාසල් යෑමට සිතාගෙනය....මින්හා යනු...කටකාර දගකාර, හිතුවක්කාර, අදරණීය අවුරුදු දහ අටේ තරුණියකි....එකවෙලාකට කොල්ලෙක් ලෙසත් අනෙක් වෙලාවට කෙල්ලෙක් ලෙසත් හැසිරීමට මැය ප්‍රිය කරයි....ඔප්පලා ජනකායක් මැද පැණි හැලීමට දක්ෂතාවක් තිබෙන ඇය...එය සැම විට ප්‍රයෝජනයට ගනී....තවද...ඇයට අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ නැති වීම ගැන දුකක් නැත...මක්නිසාදයත් ඇයගේ පොඩි කාල මතකයන් මතක් කිරීම ඇයට කෝපය ගෙන දෙයි....වැඩි විස්තර පසුවට.....ආහ් තව දෙයක් මැය සැම විටම හීන දකී...නමුත් ඒ කිසිවක් මිහිපිට සිදුවන දේවල් නොවන බය ඇයටත් වැටහී ඇත...

'ටොක් ටොක්' ඇය දොරට තට්ටු කරා...

"යමු" එහා පැත්තෙන් දොර ඇරලා ඇගේ හොදම මිතුරිය සොන්හා කීවා.....සොන්හා යනු....එක්කො පසුවට කියමු....නැ නැ දැම්ම කියමු...ඇය මින්හගෙ යාලුවා වුනාට ඇය මින්හා වගේ නොවන බව ඇගේ මූනෙන් පෙනෙනවා...නිශ්ශබ්ද, සංවර, ඉක්මනින් කේන්ති ගන්න චරිතයක් වුන ඇය සෑම විටම කොල්ලන් සමග කොල්ලෙක් වූවා....ඈට උකුසු ඇස් දෙකක් පිහිටා තිබුනු අතර ඇයගේ කොරියන් රුවට එය තවත් අලංකාරයක් එක් කරා...ඇය අදුරු ආත්ම ගැන දැඩිව විශ්වාස කරන අතර ඇය කොල්ලන්ව තඹ සතේකට තියා රැපියලකටවත් විශ්වාස කරන්නේ නැත...

"මේ උඹට දෙයක් කියන්න තියෙනවා" මින්හා ඇගිලි පටල පටල බිම බලාගත්තා...

"ඒ මොකද්ද?"

"ම-.."

"හිටපන්...ටිකක් ඔහොම හිටපන්....උඹගේ අර ඔප්පලයි පප්ලයි ගැන කියන්නනං ලෑස්ති වෙන්නෙ...මං ඒක අහන්න ලෑස්ති නෑ"

"හරි හරි මං උඹට ඔප්පෙක්ගෙවත් පප්පෙක්ගෙවත් ගැන කියන්න නෙවෙයි හදන්නේ....ඒක මේ විදිහටයි උනේ අහගනින්.......

Flashback

"අයි ලව් යූ" මින්හාගේ දෑතින් අල්ලගෙන ජිමින් මුමුණන විට මින්හාගේ මුහුණ රතු වුනේ අවාරෙට හැදෙන ජම්බු ගෙඩියක් වගේ...

"......"

"මට උත්තරයක් දෙනවද?"

"......."

It's real my girl|PJM| (one shot)Where stories live. Discover now