°†° ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ʙᴇʟʟꜱ °†°

210 33 8
                                    

ට්‍රේන් එකෙන් පළවෙනි අඩිය ප්ලැට්ෆෝම් එකට තිබ්බ ගමන් චාන්ට දැනුනෙ ඇඳගෙන ඉන්න ලොම් කබා විනිවිද ගිහින් සීතල ඇඟටම කාවදින විදිහ.එයා ලොකු හුස්මක් යවලා ස්කාෆ් එක තවත් බෙල්ලට තද කරන් ලැගේජ් එකත් උස්සලා එයා ලඟට ගත්තා.

චීනයේ කෙළවරක තියන මේ වගේ දුෂ්කර සීතල පැත්තකට බීජිං වලින් එන්න කිසිම කෙනෙක් කැමති නෑ වගේ චාන් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඒ ට්‍රේන් එකෙන් නම් බැස්සෙ නැහැ.ඒ නිසාමදෝ ඒ ස්ටේෂන් එකත් හිම වලට විතරක් අයිති වෙලා තිබුනා.

යන්තම් මනුස්ස වාසයක් තියනවා කියන්න වගේ ස්ටේෂන් එකේ කෙරවලක සිගරට් දුමක් උඩට යවන ගමන් හිටිය වයසක මනුස්සයා දැකලා චාන් සැනසුම් සුසුමක් හෙලුවා. නැත්තම් නොදන්න ග්‍රහලෝකෙක පදිංචියට ආවා වගේ හැඟීමක් චාන්ට ඇති වෙලා තිබුනේ.

එයා ලැගේජ් එකත් බිම දිගේ ඇදගෙන ඒ පැත්තට යද්දි ගෙ සපත්තුවල අඩි සලකුණුයි ලගේජ් වල රෝද පාරයි ඇර කිසිම දෙයක් ඒ හිම පිරුණ කොරිඩෝ එකේ තිබුනෙ නැහැ.

"අහ්ම්.. සමාවෙන්න මට කැබ් එකක් දාන්න පුලුවන් කොහෙන්ද කියලා දැන ගන්න පුළුවන්ද? "

චාන් බෙන්ච් එකක ඉඳගෙන ඔහේ දුර බලාගෙන හිටිය මනුස්සයට කතා කලේ ලඟටම ඇවිල්ලත් එයා චාන්ව දැක්කෙ නැති නිසා.එහෙම කතා කරපු නිසාම ඒ කෙනා එකදිගට බලන් හිටිය නිසා හිම බැඳුනු ඇස් චාන් දිහාට හැරෙව්වා.

"මොකද්ද මහත්තයා? "

"ම්.. මට වාහනයක් ගන්න පුලුවන් කොහෙන්ද කියලා දැන ගන්න පුළුවන්ද?"

චාන් දෙවනි පාරටත් ඒ ප්‍රශ්නෙම ඇහුවෙ වටපිට බලන ගමන්.එයාට නොහිතුනාම නෙවෙයි මේ වගේ දුෂ්කර පැත්තක කැබ් එකක් කියන්නෙ විහිළුවක් වගේ කියලා.ඒත් අනිත් අතට මෙච්චර තාක්ෂණය දියුණු චීනයේ එකම එක කැබ් එකක් හරි මෙහෙ ඇති කියලා එයා විශ්වාස කලා.ඒත් ඒ වයසක මනුස්සයා ඊළඟට දුන්න උත්තරෙන් ඒ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා.

"මෙහෙ මොන වාහනද මහත්තයා.. ඔතනින් ඉස්සරහට ගියොත් මහත්තයාගෙ වෙලාව හොඳ වුනොත් චැන්ෂු ගෙ හිම කරත්තෙ හම්බවේවි.ඒත් මනුස්සයා හරි කපටී.ලොකු ගාණක් දෙන්න වෙයි.."

ᴄʜʀɪꜱᴛᴍᴀꜱ ʙᴇʟʟ [ COMPLETED ]Where stories live. Discover now