ᴡʜᴏ'ꜱ ᴀʟᴀɴ ᴛᴜʀɪɴɢ

448 40 18
                                    

2014 වසරේ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ The Imitation Game චිත්‍රපටය නිකුත් වන තුරු ‘Alan Turing’ යන නම එතරම් ප්‍රසිද්ධ වී තිබුණේ නැත. නමුත් දෙවන ලෝක සංග්‍රාමයේදී ටියුරින්ග්ගේන් සිදු වූ සේවාව මිල කල නොහැක. ටියුරින් යනු කවුද සහ ඔහු එතරම් වැදගත් වූ දේ කුමක්ද?

1912  ජූනි 03වනදා උපත ලද ටියුරින් සිවිල් සේවකයෙකුගේ පුතකු විය. උසස් පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලැබූ මොහු 1931 දී ගණිතය හැදෑරීමට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1934රේදී සම්භාවිතා න්‍යාය පිළිබඳ ඔහු කල පර්යේෂණ අගය කිරීමක් වශයෙන් ටුයුරින් කිංග්ස් විද්‍යාලයේ සාමාජිකත්වයකට තේරී පත් විය.

    ඇලන් මැතිසන් ටියුරින් OBE FRS , ඉංග්‍රීසි ගණිතඥයෙක්, පරිගණක විද්‍යාඥයෙක්, තාර්කිකයෙක්, ගුප්ත විශ්ලේෂකයෙක්, දාර්ශනිකයෙක් සහ න්‍යායාත්මක ජීව විද්‍යාඥයෙක් විය. නූතන පරිඝණක විද්‍යාවේ සහ කෘතිම බුද්ධියේ පියා වන මොහු අති විශිශ්ඨ ගණිතඥයෙක් විය. ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර බ්‍රිතාන්‍ය රජයේ සහ සයිෆර් පාසල සඳහා අර්ධකාලීනව මොහු වැඩ කරමින් සිටියේය. 1939 දී, ටියුරින් බකිංහැම්ෂයර් හි බ්ලෙච්ලි උද්‍යානයේ පූර්ණ කාලීන භූමිකාවක් භාර ගත්තේ ය - එහිදී ජර්මනිය සහ එහි මිත්‍ර රටවල් විසින් භාවිතා කරන ලද මිලිටරි කේතයන් විකේතනය කිරීම සඳහා ඉතා රහසිගත වැඩ කටයුතු සිදු කරන ලදී.

   Bletchley හි Turing ගේ කාර්යයේ ප්රධාන අවධානය යොමු වූයේ 'Enigma' කේතය බිඳ දැමීමයි. Enigma යනු ජර්මානු සන්නද්ධ හමුදාවන් විසින් ආරක්ෂිතව පණිවිඩ යැවීම සඳහා භාවිතා කරන ලද කේතීකරණ යන්ත්‍රයකි. පෝලන්ත ගණිතඥයන් Enigma පණිවිඩ කියවන්නේ කෙසේදැයි සොයා බලා මෙම තොරතුරු බ්‍රිතාන්‍යයන් සමඟ බෙදාගෙන තිබුණද, ජර්මානුවන් යුද්ධයක් ඇති වූ විට එහි ආරක්ෂාව වැඩි කළේ දිනපතා කේතාංක පද්ධතිය වෙනස් කිරීමෙනි. මෙය හේතුකෙන් කේතය තේරුම් ගැනීමේ කාර්යය වඩාත් දුෂ්කර විය.

ටියුරින් මේ සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය - (සෙසු කේත බිඳින්නෙකු වන ගෝර්ඩන් වෙල්ච්මන් සමඟ) එය නම් bombe ලෙස හැඳින්වෙන යන්ත්‍රයක් සොයා ගැනීම ය. මෙම උපකරණය දෙවන ලෝක යුද්ධය වසර කිහිපයකින් කෙටි කලේය. තවද ටියුරින් බ්ලෙච්ලිහිදී වඩාත් සංකීර්ණ ජර්මානු නාවික සන්නිවේදනයන් විකේතනය කිරීමට ද කටයුතු කළේය. ජර්මානු U-Boat මිත්‍ර පාක්ෂික නැව් ගමනාගමනයට දැඩි අලාභයක් සිදු කරමින් සිටි අතර ඒවායේ සංඥා අවබෝධ කර ගැනීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් විය. ග්‍රහණය කරගත් Enigma material ආධාරයෙන් සහ ටියුරින්ගේ 'Banburismus' නම් ශිල්පීය ක්‍රමයක් සංවර්ධනය කිරීමේ කාර්යයෙන්, නාවික Enigma පණිවිඩ 1941 සිට කියවිය හැකි විය. මේවා දෙවන ලෝක සංග්‍රාමය තුල ටියුරින් විසින් ඉටු කරන ලද ප්‍රධාන කාර්‍යබාරයන් පමනි. Alan Turing: The Enigma වැනි ටියුරින් පිලිබද ලියවුනු පොත් මගින් ඔබට ඔහු පිලිබද තවත් තොරතුරු සොයාගත හැක.

ගතානුගතික ඇස්තමේන්තුවකට අනුව, යුරෝපයේ සෑම වසරකම සටන් වලින් සාමාන්‍යයෙන් මිලියන හතක් පමණ මරණ සිදු විය. එබැවින් ටියුරින් මේ ජයග්‍රහණයන් අත්පත් කර නොගත්තේ නම් අහිමි විය හැකි අමතර ජීවිත සංඛ්‍යාව දළ වශයෙන් ගණනය කළ හැකිය.

Enigma කේතය නොකැඩී, තවත් වසර දෙක තුනක් යුද්ධය දිගටම පැවතුනේ නම්, තවත් මිලියන 14 සිට 21 දක්වා ජනතාවක් මිය යාමට ඉඩ තිබුණි. මෙය ටියුරින්ගේ දායකත්වයේ විශාලත්වය පිළිබඳ හැඟීමක් ඔබටත් මටත් ලබා දෙයි.

   ඉන් ඔබ්බට ගොස් බැලූ විට අපට ඔහුගේ පෞද්ගලික ජීවිතය පිලිබද විමසා බැලිය හැක. ටියුරින් 1951 දී තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ආරම්භ කළේය. යම් කිසි සිදුවීම් කිහිපයකට පසු තම සමලිංගිකත්වය පිලිබද ඔහුට බ්‍රිතාන්‍ය පොලීසියට පාපොච්චාරනය කිරීමට සිදු වූ අතර අධිකරණය විසින් ඔහුට "දරුණු අශෝභන-gross indecency" චෝදනාව එල්ල විය. එමෙන්ම රජය සහ සමාජය විසින් විශාල තාඩන පීඩන ප්‍රමාණයකට ලක් වීමට ඔහුට සිදු විය.

   ජීවිත මිලියන දාහතරකට අදික සංක්‍යාවක් බේරීමට සමාජය විසින් ඔහුට ලැබුනු ත්‍යාගය හේතුවෙන් 1954රේ ජූනි හත්වන දින එක්සත් රාජදානියේ විම්ස්ලෝ හීදී ඇලන් ටියුරින් නම් ශ්‍රේශ්ඨ මිනිසා සයනයිඩ් ආග්‍රහනයෙන් සියදිවි නසාගැනීම මගින් මිය යන ලදි...

BEYOND THE STARS || ᴛᴀᴇᴋᴏᴏᴋ ꜰꜰ ❰ Ongoing ❱Where stories live. Discover now