මරකත ලෝචන 💚 - 11

116 25 2
                                    

උදෑසන පටන්ම අනූප් පෙනෙන්නට නොසිටියෙන් මම ඔහුගේ දුරකතනයට පණිවිඩයක් තැබුවෙමි.

"අදවත් කියනවද මට වැදගත් එක? 😉😏"

ඉතිං මා දඟකාරියකි.

ඔහුත් එය දන්නවා ඇති.

ඔහු එය කෙතරම් පවසන්නේ නැතුව මඟෑරියත් මේ දිනාදිගෙන් නම් බේරෙන්නට බැරි බව අනූප් දැනගත යුතුය.

නමුත් පිළිතුරක් නොවීය.

ඉතිං මම සිත රිදවාගත්තෙමි.

දුරකතනයත් ඇඳට විසිකළ මම කුටියෙන් පිටතට ගියෙමි.

ඉතිං මා බලාපොරොත්තු වූ රුව ආලින්දයේ සිටියේය.

සමහරවිට ඔහුගේ ජංගම දුරකථනය ද කුටියෙහි වන්නට ඇති. එනිසයි පිළිතුරක් නොලද්දේ.

ඉතිං මා කලබල වූ තරම.

සිනාසෙමින්ම මම උඩ පැන පැන ගියේ ඔහු වෙතටයි.

නමුත් හඩ නොනගා ඇඟිලි තුඩු උඩින් ඇවිදීමට ප්‍රවේසම් වුණෙමි.

ඔහු අසලට ළං වූ සැනින්ම මා සිනාවෙන්ම ඔහුගේ ඇඟට පැන්නෙමි.

ගෙවත්ත සිරි නරඹමින් සිටී ඔහුව මම පිටුපසින් බදාගත්තෙමි.

ඔහු තිගැස්සුණු බවක් දැනුනත් මම ඔහුගෙන් ඉවත් නොවුනෙමි.

ඉතිං දඟකාරියක් වන මා, ආදරයේදීත් දඟකාරියක් වී ඇති සැටි අපූරුය.

නමුත්, එක්වරම මගේ දෙඅතින්ම අල්ලා මාව ඔහු දෙසට හරවාගත්තේ අනූප් ය.

ඒ දෙනෙත්වල බැල්මන් පෙර දිනයෙන් වෙනස් නොවුනි.

එනිසයි මා හදවත තැතිගත්තේ.

ඔහු තදින්ම මාගේ දෙඅත් සිරුර දෙපසට කර අල්ලාගත්තේය.

මා වත පුරාම ඒ දෙනෙත් අමුතුම බැල්මකින් කරකැවෙන අයුරු මට දැනුනි. සිතට දැනුනේ අමුතුම කෝළකමකි.

ඉතිං එය දිනාදිට නුහුරු අත්දැකීමකි.

එක්වරම අනූප් මාගේ දෙතොල්වලට බරවූයේ, සිටී ඉරියව්ව දශමයකින්වත් වෙනස් නොකරමිනි.

ඔහුගේ දෙතොල් මාගේ දෙතොල් සිපගත්තේ පුදුමාකාර හදිසියකිනි.

මාගේ දෙනෙත් පියවී ගියේ ඒ හාදුවටයි.

මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now