🍁 දෙවන දිගහැරුම 🍁

3.4K 667 171
                                    

🍁 semini28 අක්කගෙන් හම්බුන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 semini28 අක්කගෙන් හම්බුන තෑග්ගක්....තැන්ක් යූ අක්කියෝ😍❤

🍁 RDNSP18 අක්කිගෙන් හම්බුන ලස්සන තෑග්ගක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 RDNSP18 අක්කිගෙන් හම්බුන ලස්සන තෑග්ගක්.....❤

.
.
.
.
.
🍁

" අනිවාරෙන් හෙට උදෙන්ම එන්න පුතේ.....තේරුණාද ?"

" හරි මිස්...... "

" දැන් පරිස්සමට යන්නකො එහෙනම්...."

" දෙවි පිහිටයි මිස්..."

" බුදු සරණයි...."

මිස් ගේට් එක ළග බලන් ඉද්දි මන් බෑග් එකත් තනි කරට එල්ලන් එන්න ආවෙ ගෙදර ......

" අම්මේ...... "

" ම්ම් "

" අම්මේ.......!!"

" මොකද බං "

අද දළු කඩන්න නැති නිසා අම්මා මිදුලෙ මිරිස් කරල් වගයක් වේළෙන්න දාමින් ඉද්දි මන් වත්තට එන තැන ඉදන්ම අම්මේ අම්මේ කිය කිය ආවෙ අම්මා අද ගෙදර ඉන්න සතුටට....මන් හරි ආසයි මන් ස්කෝලෙ ඇරිලා එද්දි අම්මා මෙහෙම ගෙදර ඉන්නවට.....

" අම්මෙ.....අපි දොළට යන් නාන්න...."

" දැන් බෑ බං....ඔය ළිදෙන් නාගනින්.... "

" මොකද්ද අප්පා..... යන්කො "

" කියන දේ අහපන් දරුවෝ....ආන් උඹට කේක් කෑල්ලක් ඇති .... වලව්වෙ ලොකු නෝනාහාමු දුන්නෙ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now