🍁 හතරවන දිගහැරුම 🍁

3K 685 117
                                    

" මං තමුන්ගෙ ඩ්‍රයිවර් ද ?"

මන් මූණ ප්‍රශ්නාර්ථයක් කරන් බැලුවෙ වාහනේට නගිනකන් කුඩේ ඉහළන් උන්න මිස් දිහා....

" ඉස්සරහින් නගිනවා !"

සර් කෑ ගහද්දි මන් ආයෙ මිස් දිහා බැලුවම මිස් මන් දිහා බලලා ඇස් වලින් කිව්වෙ ඉස්සරහෙන් නගින්න කියල .....

" අපේ පුතාගෙත් විකාර අභූ"

මිස් කුඩේ ඉහළන්ම ඉද්දි මන් ආයෙ සර්ට එහා පැත්තෙ සීට් එකෙන් වාඩිගත්තා.....

හවස හය පහු වෙද්දි වැස්ස ටිකක් පායපු නිසා සර් මාව ඇරලවන්න ඉදිරිපත් උනත් මන් ඉදියෙ මැරෙන්න තරම් බයෙන්...

තෙමි තෙමි ගිහින් හෙම්බා හැදුනත් මිට වඩා සහනයක් දෙයියනේ ....

" ඕක ටිකක් පණ ඇතුව වහනවා!"

කාර් එකේ දොර වහද්දි ඒක වැහුනෙ බාගෙට නිසා සර් ආයේ කෑ ගහද්දි මන් ආයෙ දොර ඇරල ඒක ' පණ ඇතුව' වැහුවා.....

ඉන් පස්සෙ සර් වාහනේ හරවද්දි වාහනේන් එන නැවුම් සුවදත් එක්ක සර්ගෙ පර්ෆියුම් සුවදත් ළගින්ම දැනුනා.....

" ශිට්..... හරක් වගේ පාරෙ යනව...."

සර් ගෙවල් පාරෙ ඉදන් මහ පාරට වාහනේ දාද්දිම ආව ත්‍රිවිල්කාරයෙක්ට කෑ ගැහුවෙ මන් කට තද කරන් ඉද්දි....

ස්කොලෙත් පහු කරන් ටික දුරක් ඇවිත් සර් වාහනේ ඩෙනිස්ටන් වත්තට හරවද්දිම මන් දිහා බැලුවෙ මන් ගල් වෙලා වගේ ඉස්සරහම බලන් ඉද්දි....

" මෙතනින් කොහෙටද ?"

" ද....කු.....ණ....ට....සර් "

තුංමං හන්දියෙන් සර් අහද්දි මන් සර්ට කිව්වම සර් වාහනේ දකුණට හැරෙව්වා....

ඉමක් කොනක් නොපෙනෙන රබර් කැලෑවෙ මහා ගනදුර අස්සෙ ධාරාණිපාත වර්ෂාව මැදින් සර් වාහනේ අරන් ආවෙ අපේ ගෙදර ළගටම...

" තැ...න්....කි....ව්..... සර් "

සර් ඔළුව විතරක් වනද්දි මන් ඉක්මනට කාර් එකෙන් බැහැලා දොර හරියට වැහුනද කියල වත් හොයන්නැතුව ගෙට දිව්වා.....

දුවලා දුවලා ගිහින් මන් ඉටිකොළ ගහපු ජනෙලෙන් ලාවට ඇහැක් එළියට දැම්මෙ සර් අපේ වත්තටම වාහනේ රිවර්ස් කරල හරවන් යන්න යද්දි..

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now