🍁 පස්වන දිගහැරුම 🍁

3K 655 303
                                    

" උඹ දැන් තකහනියක් මතුගම යන්නෙ මොන මගුලටද බන් ?"

" අයියෝ අම්මා... පුස්තකාලෙට ගිහින් පොත රිටර්න් කරල අලුත් එකක් අරන් එන්න යන්නෙ....."

" ආ...ඒක මිසක්...."

" ඇයි අම්මා එහෙම ඇහුවෙ ?"

" නෑ ඒත් මන් බැලුවා මේ...කෙල්ලෙක් සෙට් වෙලා වත්ද කියල ..."

" ඔයාගෙ විකාර.....මන් ගිහින් එන්නම්...."

" හ්ම්....පරිස්සමෙන් ගිහින් වරෙන් "

ස්කෝලෙ බෑග් එකත් කරට දාගෙන මන් ගෙදරින් එළියට ආවෙ උදේ නවයට විතර....

" ආ සුදු චූටියෝ.....මෙහෙ වරෙන්...."

ගෙවල් පාර දිගෙත් අඩියක් ඇවිදන් යද්දිම අම්මා කෑ ගහගෙන ආවෙ අතේ මොනාහරි තියන්....

" ඇයි ?"

" මේක ගනින්..මොනාහරි කාලා වරෙන්..."

" අනේ එපා අම්මේ....."

" ගනින් ගනින්.... අයිස්ක්‍රීම් එකක් වත් කාලා වරෙන්.....මේ දවල් වල රස්නෙට මැරෙන්ඩ යනවනේ බන් "

සල්ලි දීලා අම්මා යන්න යද්දි මන් ඒ සල්ලි ටිකත් සාක්කුවට දාගෙන පාරට පයින්ම ආවා.....

මහ ලොකු වෙලාවක් බලන් ඉන්න හම්බුන්නැහැ.....අළුත්ගම මතුගම ප්‍රයිවට් බස් එකක් වේගෙන් ඇවිත් නවත්තද්දි මන් ඉක්මනට බස් එකට ගොඩ උනේ ෆුට් බෝඩ් එකට නගින්නත් කලින් බස් එක අද්දල යද්දි...ඕවා ඔහොම තමයි ඉතිං .....ලංකාවනෙ !

පිටිපස්සෙම සීට් එකෙන් වාඩිගෙන මන් ජනෙලේ ෆුල් ඇරන් වටපිට බල බල මතුගමට ගියේ නවයයි තිස් පහක් වෙනකොට..

නිල් කටරොළු ! මොහාන් රාජ් මඩල.....

සති දෙකක් තිස්සෙ කියවපු පොත රිටර්න් කරල වෙන පොතක් අරන් පැයක් විතර පුස්තකාලේ ඇතුලෙ ඉදල මන් එන්න ආවා.. දවල් දොළහ ලන් වෙද්දි ගානටම ඉර එන්න එන්න මුදුන් වෙද්දි ඩෙවල් දානවා වගේ උනුසුමක් එක්ක අම්මා දුන්න රුපියල් පන්සීයෙ කොලෙත් අරන් මන් ආවෙ හැපි අයිස් එකට.....

" ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් දෙන්න....."

එකසිය විස්සෙ කෝන් අයිස් එකක් ඉල්ලපු මන් සල්ලි ගෙවලා ඒක කකා ස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදන් ආවා....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now