🍁 හත්වන දිගහැරුම 🍁

3.1K 660 278
                                    

නිනූ අක්කගෙන් ලස්සන නිර්මාණයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිනූ අක්කගෙන් ලස්සන නිර්මාණයක්...තැන්ක් යූ අක්කේ ❤🍁

පානදුර ඉදන් අපි ආයෙ ගමන ආරම්භ කරද්දි හවස නිසා ට්‍රැෆික් එක්ක අපිට මොරටුවට එද්දි පැයකට ආසන්නයෙන් ගත උනා....

" අභූ ඔය තීන්නෙ මගේ ස්කෝලෙ "

සර් වම් අත පැත්තට අත දික් කරල පෙන්නුවෙ Prince of wales එක....

" ම්ම් "

මන් ඒ දිහා බලන් ඔළුව වැනුවෙ සර් වාහනේ ඉස්සරහට අරන් යද්දි....

විනාඩි කිහිපයකින් සර් ලොකූවට සරසපු හෝටලයක් ළග වාහනේ නතර කළා...

" මන් ළගට වෙලාම ඉන්න ඕනෙ...තේරුණාද ?"

" හ්ම් "

සර් වොලට් එකත් අරන් වාහනෙන් බහිද්දි මාත් වාහනෙන් බැස්සා.....

සර් වාහනෙන් බැහැලා ඇදුම හදාගනිද්දි මන් වාහනේ දොර එකපාරක් වහල ආයෙ ඇරල ආයෙ වැහුවා....

සැක්.....

වැහුනද කොහෙද....

ශේප් එකේ අතින් ඇදල බලද්දි මෙන්න යකෝ ඇරුන නේ.....

මගුල....

ආයෙත් වැහුවා....

ඒත් නෑ.....

" දරුවො....."

ආයෙත් වහන්න යද්දි සර්ගෙ කටහඩ ඇහුනෙ කන පිටිපස්සෙන්...

මන් ටාං ගාලා සර් දිහා බැලුවා....

" මෙන්න....මේ...කෝ මෙතනින් අල්ලගන්න...."

සර් වාහනේ අර කෑල්ලට අත තියල පෙන්නුවම මන් එතනින් අත තිබ්බා....සර් මගේ පිටිපස්සෙන් හිටගෙන මගේ අත උඩින් සර්ගෙ අත තිබ්බෙ මාව ගැස්සිලා යද්දි....

සර්ගෙ අත් හරිම රළුයි.....

" මෙන්න මෙහෙම....මේ "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now