🍁 නමවන දිගහැරුම 🍁

3.1K 705 480
                                    

🍁 ආදරණීය Lost control සෙනා අක්කගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 ආදරණීය Lost control සෙනා අක්කගෙන්.... ❤ තැන්ක් යූ....

.
.
.
.
.
.

Two weeks later,

" අම්මා ......"

සුදු අත් දිග ශර්ට් එකකට කළු පාට ඩෙනිමක් ඇදල උන්න මන් සුදු සාරිය ඇදන් උන්න අම්මගෙ අතේ එල්ලිගෙනම ආවෙ උසාවියෙන් එළියට.....මගේ ඇස් වල කදුළු පිරිලා තිබ්බෙ අප්පව වසර පහලවක් බන්ධනාගාරයට නියම උන නිසා....

" අභූ ....වහගනිං ඔය ටැප් එක..... ඔය මිනිහා වෙනුවෙන් උඹ අඩන්න වත් ඕනෙ නෑ...."

ඇස් වල තිබ්බ කදුළු දැකලා අම්මා මගේ අතට ගැහුවෙ මන් සාක්කුවෙන් ගත්ත ටිෂූ එකෙන් ඇස් දෙක පිහිද ගනිද්දි......

" මට...අන්තිම වතාවට අප්පව...මුණ ගැහෙන්න ඕනෙ අම්මා...."

මට මතක් උනේ බැද්දෙගම කතාව වෙනකොට අම්මගෙ අතක් අල්ලන් මන් කිව්වෙ හැගුම්බරව..... සමහර විට අද මේ අවස්ථාව මට ලැබෙන්නෙ අවසාන අවස්ථාවට වෙන්න පුලුවන් .......

" උඹ ඕනෙ නම් ගිහින් වරෙන්.... මට නම් එන්න කියන්නෙපා "

අම්මා මගේ අතත් ගසල දලා කෝට් එකෙන් එළියෙ ගේට්ටුව දිහාවට ඇවිදන් යද්දි මගේ ඇස් වලින් බෝල කදුළු කිහිපයක් පල්ලම් බැස්සෙ කම්මුල් දිගේ  ගලන් ගිය කදුළු පොළව සිපගනිද්දි....

" අභූ ?"

" ආහ්...."

ළගින්ම ඇහුන ලයාන්විත කටහඩට මන් ඔලුව උස්සල බලද්දි මන් දැක්කෙ තොප්පිය අතේ තියන් මන් දිහා බලන් උන්න අයියව......

මන් ඉක්මනට ඇස් වල කදුළු පිහිදගත්තෙ එයා දකින්න කලින් උනත් එයා දැනටමත් දැකල ඉවරයි....

" එයාව යවන්නෙ අනුරාධපුරේට.... ඔයාට ආයෙ දකින්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now