🍁 දහතුන්වන දිගහැරුම 🍁

3K 641 503
                                    

දින කිහිපයක් සාමාන්‍ය විදියට ගෙවිලා ගියායින් පස්සෙ සුපුරුදු විදියට මන් ආයෙ ස්කෝලෙ යන්න පටන් ගත්තා ..... මිසුත් සතියක් විතර නිවාඩු දාලා ස්කෝලෙ ආවෙ අද වෙද්දි මන් ස්කෝලෙ ඇරිලා මිස් එක්කම මිස්ලගෙ ගෙදර යන්න පිටත් උනේ ඊයෙ තිබ්බ මගුල් ගෙදරින් මිස් මට කෑම වර්ග කිහිපයක්ම ගෙනත් ෆ්‍රිජ් එකෙන් දාලා තියෙනව කිව්ව නිසා......

කල් පනීගෙ වැඩෙත් මන් ගානට ස්කෝලෙදි සෙට් කරපු නිසා ඒක හරි ...... මන් මිස්ට ලිවුම දුන්නා..... මිස්ට් එවෙලෙම කේන්ති ගියේ අයිය ස්කොලෙ යන කාලෙ හොරෙන් එකක් තියන් ගිය එකට....

වැඩේ හරි ......ලෙසටම දුන්නා.....

" අනෙ මන්දා අභූ.... අපේ කොල්ලට දැන් එක්කෙනෙක් ඇත්තෙත් නෑ .....හොයාගන්නෙත් නෑනේ......මන්දා මේ කොල්ලා ගෙදරට නාකි වෙන්න හදනවද කියල ..... හොයල දෙන්න ඇහුවම එපා කියනව "

මිස් කිව්වෙ කුඩේ ඉහලන් මාත් එක්ක මිස්ලගෙ ගෙවල් පාර දිගේ ඇවිදන් යන ගමන්....

" අයියට ක්‍රශ් එකක් වගේ එකක් ඉන්නවද දන්නෑ "

" ක්‍රශ් කිව්වෙ ?"

" ඔය කැමති හැබැයි අයිති කරගන්න බැරි කෙනෙක්...... මට නම් එහෙම කෙනෙක් ඉන්නව "

මන් කියද්දි මිස් මන් දිහා බැලුවෙ ඩෙවල් දාන්න වගේ.....

" කවුද එ ??"

" අර මිස් ඉන්නෙ ඕලෙවල් ක්ලාසස් වලට මැත්ස් උගන්නන සුදුම සුදු මිස් කෙනෙක්..... "

" අනේ අනේ කොල්ලෝ..... ඒ පවිත්‍රා මිස් බැදලා...."

" ඔව් ඉතිං ..... ඒ උනාට එයා වගේ ගෑණු ලමේක් තමයි මගේ හිතේ ඉන්නෙ....."

මන් කිව්වෙ අපේ ස්කෝලෙ උන්න ලාබාලම මිස්ව සිහි කරල.....

" අනේ මන්දා අභූ....අපේ කොල්ලට එහෙම දේකට වත් උවමනාවක් නෑනෙ..... මහත්තයට කිව්වත් එයා කියන්නෙ කොල්ලට කාලෙ දෙන්න කියල ......"

මිස් කිව්වෙ දුකෙන්.....

" මිස්ලගෙ පවුල හරිම ලස්සන පවුලක්.... ඒ පවුලට ලස්සන ලේලියෙක් මිස් හොයාගන්න....."

මන් එහෙම කිව්වම මිස් බරැති හුස්මක් පිට කළා....

" පිටින් පේන තරම් අපේ පවුල සුන්දර නෑ අභූ.... දැන් තමයි අපි සතුටින් ඉන්නෙ..... "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now