🍁 දහසය වන දිගහැරුම 🍁

2.8K 636 171
                                    

" සුදු චූටි .....උඹ කොහෙද යන්නෙ ??"

උදේ ලෑස්ති වෙලා එළියට එද්දි ඉස්තෝප්පුවේ ඉදන් ආව අම්මා ඇහුවෙ එයාගෙ දිගු නිල් පාට කෙස් කලඹ ගුලියක් ගහගන්න ගමන්.....

මන් ආසාවෙන් බැලුවෙ අම්මා දිහා....එයා එන්න එන්න ලස්සන වෙනවා....තාම ඉතිං වැඩි වයසකුත් නෑනේ දෙයියනේ .... තව කසාදයක් කරගන්න පුලුවන් තරමට එයා ලස්සනයි .....

අම්මයි අප්පයි අතර මොන වගේ දේවල් උනත් මට ඒවා අහන්න අයිතියක් නෑ..... සමහර විට අප්පා කිව්වා වගේ අම්මා අප්පගෙයි පුංචිගෙයි ජිවිතේ මැද්දට ආවා වත්ද..... අම්මාගෙ ඒකපාර්ශ්වික ආදරේ අප්පා උනා වත්ද..... ම්හ්හ්.... මට කිසි දෙයක් තෙරෙන්නෑ....ඒත් අම්මගෙන් මේ ගැන අහන්න තරම් හයියක් මගෙ හිතේ නෑ....

" අද සෙනසුරාදානේ අම්මා....මිස්ලගෙ ගෙදර යන්නෙ මන්...අද ක්ලාස් නෑනේ "

මන් කිව්වෙ කුස්සියට යමින් ගමන්....

" උඹ කීයටද යන්නෙ "

" කාලා ඉවර වෙලා යනව...ඇයි ?"

" නෑ බං....අන්න අරහෙ අද ඒ ගමන හක්දියේ කඩේ නිහාල් අයියා ආගිය අතක් නෑලු....."

" නිහාල් කිව්වෙ ?"

මන් ඇහුවෙ පිගානට බත් ටිකක් එක්ක අම්මා හදල තිබ්බ ව්‍යාංජන බෙදාගන්න ගමන්.....

" අර බන් හන්දියේ කඩේ...!!"

" පාන් කඩේද ??"

" ඔව්.....!"

" ඉතිං .....??"

මන් ඇහුවෙ පිගානත් අරන් කුස්සියෙ අනික් පැත්ත ගහපු වංගෙඩිය උඩින් ඉදගන්න ගමන්....

" ආන් ඌ ආගිය අතක් නෑ කියල පොලිසියේ ඇන්ට්‍රියක් දාලා...."

" ඈ අම්මෙ...වත්තට මොකද්ද වෙන්නෙ..... ? අර නිලේෂ් මාමාත් ආගිය අතක් නෑ කියල ගිය සතියෙ කතාවක් ගියා නේද ?"

" අනේ මන්දා බන්.... උඹ පාරට යනව නම් යමන් මන් එන්නම් ඇරලවන්න..... මේ සිද්ධ වෙන දේවල් හැටියට ඇහැට කනට පේන කොල්ලෙක්ව පාරෙ තනියෙන් යවන්නත් බයයි "

අම්මා කිව්වෙ උළුවස්සට හේත්තු වෙමින්.....

" මුලින්ම බංගලාවෙ ලොකු බේබියා මැරුණා....ඉන් පස්සෙ දැන් උගෙම සහචරයො දෙන්නෙක් ආගිය අතක් නෑලු...... "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now