🍁 දහඅටවන දිගහැරුම 🍁

2.8K 628 327
                                    

" අනේ මන්දා මේ දරුවා කොහේ ගියාද කියල ......"

මිසුයි මිස්ගෙ මහත්තයයි මමයි එළියට වෙලා ඉදියෙ අයියා එනකන්.....ෆයිව් මිනිට් කිව්වට දැන් ෆිෆ්ටි මිනිට් වගේ ගිහින්......

" තිසෙව්ට මොකක් හරි සම්බන්ධයක් තියෙනවද සුනීතා ? ඔයා අර මොකද්දෝ කතාවක් කිව්වෙ...."

මිස්ගෙ මහත්තයා මිස්ගෙ දිහා හැරිලා අහද්දි මාත් හරි බරි ගැහිලා පුටුවෙ ඉදගත්තෙ මගේ අදහසුත් ප්‍රකාශ කරන්න සූදානමේ....

" ඔව් දයේ.... කොල්ලා මාත් එක්ක කිව්වා.....කෙනෙක්ට කැමති කියල ..... ටික කාලයක් දෙන්නෙයි කිව්වෙ....."

මිස්ගෙ මහත්තය සාක්කුවක අතක් හොවාගෙන නැගිට්ටෙ පුටුවෙන්.....

" තිසෙව් කවදාවත් වැරදි දෙයක් කරන්නෙ නෑ.....එයා ගන්න තීරණ හරියටම හරි ....."

ජනෙලෙන් එපිට ඈත බලන් මිස්ගෙ මහත්තය කිව්වෙ එහෙම.....අනේ මන්දා..... අයියා මොන දේ කිව්වත් මිස්ගෙ මහත්තය ටිකක් නිතියටම වැඩ කරන මනුස්සයෙක් වගේ.....

" එයා මොන තීරණය ගත්තත් මට ඕනෙ එයා ජිවිතේ එකලාසයක් කරගන්නව දකින්න දයේ......"

මිස් කිව්වෙ ලොකු හුස්මක් පිට කරල.....

" තිසෙව් බුද්ධිමත් දරුවෙක්.... "

අනේ උගේ බුද්ධිය.....

" තිසෙව් කවදහරි මගේ අඩිපාරෙ ගිහින් මට වගේම ඔයාටත් ලොකු ගෞරවයක් දෙනව සුනීතා..... ඒක මට විශ්වාසයි.... අපේ කොල්ලට අපි කාලයක් දෙමු..... කසාදයක් කවද කරගන්න බැරිද..... "

මිස්ගෙ මහත්තය එහෙම කිව්වා විතරයි ඕං මිස්ට මල පැනගෙන ආවා.....

" ඔයත් හරි කතා තමයි කියන්නෙ දයෙ.....හෙට අනිද්දයින් මේ කොල්ලට හතලිහකටත් කිට්ටුයි..... තව කාලයක් දුන්නම මේ කොල්ලා කසාද බැදල දරුවෙක් හදන්නෙ නාකි උනාමද ?"

" සුනීතා.....මන් කසාද බැන්දෙත් අවුරුදු තිස් අටෙන්..... ඔයා මට වඩා අවුරුදු හතක් අටක් බාල උනාට මනුස්සයෙක් කසාද බදින්න පුලුවන් හොදම කාලෙ මන් හිතන්නෙ ඒක...."

හෑ.............

" දයේ...... ඔයා මොනවද මේ කියන්නෙ....අප්පච්චීත් එකයි පුතත් එකයි..... කටයුත්තක් හොයන්න ගියාම දෙන්නම මැරෙන්න හදනව..... මට කියන්න ඔයාගෙයි චූටි පුතාගෙය් හොරේ මොකද්ද ?"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now