🍁 දහනමවන දිගහැරුම 🍁

2.9K 647 423
                                    

වෙලාව හවස හතරට වගේ ඇති

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙලාව හවස හතරට වගේ ඇති.....

මාව සිපගෙන සීතල හුලගක් හමාගෙන යද්දි ජර්සි එකේ උණුහුමට ගුලි වෙලා හදාගත්ත කෝපි කෝප්පෙන් උගුරක් බොමින් ගමන් මන් බෙන්ච් එකට හේත්තු උනේ අතේ තිබුන පොතේ ඊළග පිටුවට පෙරලන ගමන්......

' බෙල්ලීසා ඔයා නිසා '

පැය එකහමාරක් විතර මන් අයියා එක්ක නින්දට වැටුනා.....මන් ඇහැරෙද්දි අයියා ඉදියෙ සැප නින්දක.... මන් එයාට කරදර නොකර නැගිටල ඇවිත් පහළට එද්දි සාලෙ කවුරුත් නෑ.... මිස්ලත් නිදි වෙන්නැති කියල හිතපු මම සීතලට ජර්සියට ගුලි වෙලා මේස් දාපු කකුල් වලින් මුලු ගේ පුරාම ඇවිද්දා.....

ඒ යද්දි තමයි උඩ තට්ටුවෙ තිබ්බ පොඩි පොත් රැක් එකක තිබිලා මට නවකතා පොත් කිහිපයක්ම හම්බුනේ....එතන පොඩියට ගහල තිබ්බා නැවත ඒ පොත් තියල යන්න තරම් කාරුණික වෙන්න කියල ......

මේක guest house එකක් උනත් සමහර විට එයාලා ගෙයක් විදියට තමයි හදන්න ඇත්තෙ.....

පොතත් අරන් හිතට ආව අදහසක් එක්ක කුස්සියෙන් හොයාගත්ත කෝපි පැකට් එකකින් කෝපි එකක් හදාගෙන දොර ඇරගෙන මන් ආවෙ ගාර්ඩ්න් එකට..... එතන බෙන්ච් එකෙන් ඉදගෙන ඈතින් හමාගෙන එන සුළග විදගනිමින් මන් ඒ පොතේ පිටු එකින් එක රසවින්දෙ හදවතින්ම මේ දැනෙන නිදහසට ආදරේ කරන ගමන්.....

ටිකකින් උඩ තට්ටුවෙ අපේ කාමරේ බැල්කනියෙ දොර ඇරෙද්දි මන් ගැස්සිලා බැලුවෙ දැහැනෙන් මිදිලා.....

" ආ අභූ.....පොත් කියවනව වගේ "

අත් දෙකෙන්ම බැල්කනි වැටට බර වෙලා අයියා කිව්වම මන් එයා එක්ක හිනා උනා.....

ආයෙත් මන් පොතට ඇස් යොමාගනිද්දි පෝන් එකෙන් මොකද්දෝ කරපු එයා විනාඩි කිහිපයකින් දොර වහල දැම්මෙ මන් පොතට පේ වෙලා ඉද්දි.... ආයෙ විනාඩි කිහිපයකින් එයා පහළ දොරෙන් මතු උනේ ඇදන් ඉදිය ඇදුමට උඩින් දණහිස ළගට දිග සුදු පාට දිග ලෝගුවකුත් පෙරවගෙන.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now