🍁 විසිදෙවන දිගහැරුම🍁

2.9K 624 245
                                    

හෝර්ටන් තැන්නෙ ඉදන් අපි ගෙදර එද්දි වෙලාව හවස හතරට පහට විතර..... ඒ ඇවිත් අපි සේරම හොදට නිදාගත්තා.... ඇගේ පතේ මහන්සිය යන්නත් එක්ක....මන් ආයෙ නැගිටිද්දි වෙලාව අටත් පහු.... ඒ නැගිට්ටෙත් අයියා ඇවිත් කොට්ටෙන් ගහල ගිය නිසා......කන්න එන්නලු.....

කබඩ් එක අවුස්සල සුපර් ග්ලු එකක් හුඩි එකේ සාක්කුවට ඔබාගත්ත මන් ඔළුව කස කස ඇවිත් මන් බාතෲම් එකට ගිහින් මූණ සෝදගත්තා....අම්බෝ පට්ට සීතලයි..... හුඩි එකට ගුලි වෙලා මන් පහළට යන්න හැදුවත් උඩ තට්ටුවෙ බැල්කනි එක ඇරල තියෙනව දැක්ක නිසා මන් කුතුහලෙන් ගියේ එතනට.....

කවුද මෙ වෙලාවෙ උඩ තට්ටුවේ ඉන්නෙ.....

" හොදයි තිසෙව්..... මින් ඉදිරියට මේ දේවල් බොහොම සූක්ෂව සිද්ධ වෙන්න ඕනෙ...... "

" ම්ම් "

" සේරටම වඩා මට බය සුනීතා ගැන.... අපේ වීක් පොයින්ට් එක සුනීතා කියල නොදන්න කෙනෙක් නෑ තිසෙව්...."

" මේ දේ නිසාම තමයි අප්පච්චී මන් අම්මව පානදුරේ නවත්තල එන්න ට්‍රයි කළේ.....කොහෙද ඉතිං අපෙ අම්මත් මාරුවක් හදාගෙන කොහොමහරි ආවනේ "

" අම්මගෙ ආදරේ එහෙම තමයි තිසෙව්.... එයාගෙ ලෝකෙම දැන් ඔයා "

හෑ.......මෙච්චර මේ සීතලේ අප්පච්චී පුතයි එළියට වෙලා කයිය ගහනව.... ඔළුවත් කස කස ආපහු එන්න ආවත් මන් ආයෙ හොරෙන් බෙල්ල දැම්මෙ අයියගෙයි අප්පච්චීගෙයි අතේ තිබ්බ දේ දැකලා.....

දෙයියනේ .........

" ඔයාගෙ ජිවිතෙන් අවුරුදු දොළහක් නාස්ති උනා තිසෙව්...... මේ දේ මෙහෙන්මම ඉවරයක් කරල දාන්න.... අම්මා කියනවත් වගේ ඔයාගෙ ජිවිතේ ඔයා හදාගන්න ඕනේ..... ගිය අය ආයෙ එන්නෙ නෑ "

" මට තෙරෙනව අප්පච්චී ...."

සිගරැට්........ අප්පච්චී පුතයි දෙන්නම සිගරට් බොනව ..යොහ්හ්....කඩවුලේ.....

" අර CID එකේ කොල්ලො දෙන්න ඔයා එක්ක කතා කළාද .එයාලගෙ ඔෆිසර් අකිල මගේ පරණ ගෝලයෙක්... ඒ දරුවා හරි හොදයි.... එයාගෙ තාත්තා මගේ යාලුවෙක්...ඒකමයි මන් මේ සිද්ධියට කීසිම බයක් නැතුව CID එක ගාවගත්තෙ..."

" කතා නම් කළා..... මන් නම් කැමති නෑ අප්පච්චී මෙේකට CID එක ගාවගන්න.... "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now