🍁 විසි තුන්වන දිගහැරුම 🍁

2.7K 615 147
                                    

" ඔයා කියන දේ මට පැහැදිළි නෑ අභූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔයා කියන දේ මට පැහැදිළි නෑ අභූ....ඔයා කියනව කරන්ට් එක ගියා කියල .....ඒත් මන් බාතෲම් එකට එද්දිත් ස්වීච් එක ඕෆ් කරල තිබ්බෙ.... "

මන් බිම බලාගත්තෙ නිහඩව.....

" පැටියො.....ඔයා කියන දේවල් එකකින් එකක් පරස්පර විරෝධී..... පොලිස් නිළධාරියෙක් විදියට මන් ඔයා දිහා බැලුවොත් මෙ වෙලේ මන් නිගමනය කරන්නෙ මොකද්ද දන්නවද ?"

මන් එයාගෙ මූණ දිහා බැලුවා....

" මේක මොකක් හරි සිද්ධියක් නම් ඔයා මේ සිද්ධියේ මූලික අපරාධකාරයෙක් කියල ....එහෙමත් නැත්තන් ඔයාට මානසික ප්‍රශ්නයක් කියල ....."

මන් ආයෙත් මගේ ඇගිලි දිහා බලාගත්තා..... වෙන දේවල් ගැන මට තෙරුමකුත් නෑ...

" අනික මට විශ්වාස කරන්න බැරි අච්චර සීතල වතුරෙ ඔයාට සීතලක් දැනුනෙ නෑ කිව්වම....ඒක වෙන්න පුලුවන් දෙයක්ද අභූ ?? ඔයා හොට් වෝටර් යූස් කළෙත් නැත්තන් නුවරඑළියෙ පාන්දර දෙකට තුනට වතුර රස්නෙ වෙන්න මැජික් වැඩ කරන්න වෙනවා "

" මන්....ඉදියේ අමාරුවෙන් නිසා....මට එහෙම හිතුනද දන්නෑ...අයියේ "

මන් කිව්වෙ අහිංසකව.....

" මේවා අහල මගෙත් ඔළුව විකාර වෙනවා "

අයියා කිව්වෙ එයාගෙ කොණ්ඩෙ අවුල් කරන්.....

" මට තෙරෙනව පැටියො ඔයා මාත් එක්ක සම්පූර්ණයෙන් මේ දේවල්  කියන්න ලෑස්ති නෑ කියල "

බෙන්ච් එකේ වාඩිගෙන උන්න අයියා මගේ මූණට එබිලා කියද්දි මන් දෑගිලි එකට පිරිමදිමින් බිම බලාගෙන ඉදියා....ඊයෙ උන සිද්ධිය ගැන එයාට මන් පුලුවන් හැමදේම කිව්වා...ඒත්....

මන් ලොකු හුස්මක් පිට කළා.....

" අභූ ඔයාට කලින් දවසකුත් ඔහොම උනා නේද..... එදා ඔයා පිස්සුවෙන් වගේ ඇද උඩ දගලන්න අරගත්‍තෙ.... ඊට කලින් වතාවලුත් ඔයා ඔයාවම හූරගත්ත සිද්ධියක් කිව්වා මට ලාවට මතකය් "

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now