🍁 තිස් දෙවෙනි දිගහැරුම🍁

2.8K 619 171
                                    

🌄🌄🌄🌄

උදේ පාන්දර රබර් වත්තට ලස්සනට ඉර පායද්දි ඇහැරුන මන් ඇද අස් කරගෙනම ගිහින් කාමරේ ජනෙල් ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


උදේ පාන්දර රබර් වත්තට ලස්සනට ඉර පායද්දි ඇහැරුන මන් ඇද අස් කරගෙනම ගිහින් කාමරේ ජනෙල් ඇරියා.... අම්මා උදෙම කිරි කපන්න යන්නැති.....අනික අද දළු කඩන දවසනෙ.....එයා දවසෙම ගෙදර නැති වෙයි......

මෙසෙ උඩ වහල තිබ්බ තේ කෝප්පෙත් අරන් මන් හේත්තු උනේ ජනෙල් පඩියට....

උදේ පාන්දර ඉර පෑයුවට පස්සෙ මෙන්න මෙහෙම ජනෙලෙ අයිනට වෙලා රබර් වත්තට ඉර පායලා තියෙන දිහා බලන් ඉන්න එක පුදුම තරම් සැනසීමක්.....

තේ එකෙන් උගුරක් බොන ගමන් මන් අතට ගත්තෙ බාගෙට කියවපු නවකතා පොත..... අයියා මට පොත් විසි පහක් අරන් ඇවිත් තිබ්බා...සේරම පරිවර්තන..... මන් හිතන්නෙ මගේ ජිවිතේ උපන්දිනේකට හම්බුන ලොකුම තෑග්ග ..... අම්මා එදා උදේ පාන්දර අලුතෙන් සූට් එකක් ගෙනත් දුන්නා... එකෙත් ශර්ට් එක විතරයි මට අදින්න පුලුවන් .....ට්‍රවුසර් එක කමනි නැන්දට කියල දෙපැත්ත ගහගන්න වෙනව.... අපේ අම්මා ඔහොන්මම තමයි ...හිතලමයි ඔය ඔහොම ගෙන්නෙ....එතකොට කාලයක් අදින්න පුලුවන්ලු....

තේක බීලා ඉවර වෙනවත් එක්කම මන් පොත පැත්තකින් තියල පෝන් එක ගත්තෙ අයියට මැසේජ් එකක් දාන්න.... ඊයෙ එයා රාජකාරී සිද්ධියක් නිසාම මොකද්දෝ කරන්න ගිහින් තහඩු කෑල්ලකට අත කපාගෙන..... ඊයෙ කිව්වා උණෙයි කියල ...දැන් බැහැලද දන්නෑ......

" atha mko dan ?"

මැසේජ් එක දාලා පෝන් එක පැත්තකට දාලා මන් සාලෙට ආවා..... මූණ කට හෝදගෙන අම්මා උදේට හදල තිබ්බ ඒවත් කාලා මන් කෙමෙස්ට්‍රි පොත අතට ගත්තෙ පාඩම් කරන්න....

මෙසෙන් ඉදගත්තෙ නවය පහු වෙලා උනාට හිත එකතැනක තියන් වැඩ කරපු නිසා දෙක වෙනකන් මට ඉන්න පුලුවන් උනා..... එහෙම ඉදියම හරි අමාරුයි ඉතිං ....ෆිසික්ස් ගණන් එහෙම හදද්දි ඒකට පේ වෙලා වගේ ඒ වැඩේ ඇතුලෙ ගිලිලා ආයෙ උඩ ලෝකෙට ආවම පිස්සු වගේ..... සමහර වෙලාවට ගණන් හදන්න පුදුම තරම් සංයමයක් ඕනෙ....දරාගැනීමක් ඉවසීම මේ හැමදේම.... අනුක් අයියා කියන්නෙ සිලබස් එක පතරංග ජාතකයක් උනාට ඒක දරාගන්න කියල ...එහෙම නැතුව කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න ගියොත් ඒක අසාධාරණයිලු.... සිලබස් එක කොච්චර අපහසු උනත් කැම්පස් යන්න ඕනෙ ඒක දරාගන්න අය විතරයි ලු... එහෙම නැති උන් කොහොමද අහනව බෙහෙත් වල නම් මතක තියාගන්නෙ.... සර්ජරීස් වලදි පැය හත අට සිහිය එකතැනක තියාගෙන කතුරු එක්ක ගනුදෙනු කරද්දි ඉවසීම සංයමය තියෙන්නම ඕනෙනේ.... ලෙඩා ඉස්සරහ තියාගෙන පොත් පෙරල පෙරල බෙහෙත් හොයන්න බෑනේ....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now