🍁තිස්හයවන දිගහැරුම🍁

2.9K 632 136
                                    

🌄🌄🌄🌄🌄🌄

අලුත් දවසකට ඉර පායද්දි හයට විතර ඇහැරුණ මම දත කට මැදල මූණ සෝදන් ඇදුමක් දාගෙන ආවෙ මිස්ලගෙ ගෙදර ...... අද අගහරුවාදා දවසක්..... දැන් කොහොමත් ස්කෝලෙ යන්නෑනේ ඉතිං ....

පුරුදුකාරයෙක් වගේ ගේට් එක ඇරන් ඇතුලට යද්දිම උදේ පාන්දර මිස්ගෙ දෙහි කැපිල්ල එක්ක මට තෙරුනා අයියා තාම ගෙදර කියල ...

ඌත් හෙන කපටී....හෙන කියන්නෙ අලිම කපටී....මම ගෙදර එන දාට අනිවාරෙන් අලි පත බොරූවක් කියල කොහොමහරි ස්ටේෂන් එකට යන්නෙ දවල් වෙලා.....

" කියන දේ කොච්චරවත් අහන්නෙ නෑ.....ගෙදරට ආව වෙලේට වත් පොඩ්ඩක් එළි පහළියෙ ඇවිදල ඉන්න එපෑය..... ඒකත් කරන්නෙ කාමරේ අස්සට වැදිලා කොටන එක...ඔහොම ගියොත් චූටි පුතා ඔයාට ඊළ්ගට ආයෙමත් කවුන්සිල් යන්න වෙනව.. ඇත්තමයි ...."

අයියා මේ හෙන පොර වගේ ගැම්මෙන් ස්ටේෂන් එකේ ඉදියට ගෙදරදි මිස්ගෙන් අහන්නෙ බලු බැනුම් අයියෝ.... ඒව අහන් ඉන්න ඕනෙ අයියගෙ රෙදි පාවෙන හැටි බලන්න....

" මිස් ......"

" ඔයා ආවද දරුවො..."

උණු වතුර භාජනයක් එක්ක රෙදි කෑල්ලක් මිස් උඩ තට්ටුවෙ ඉදන් පහළට අරන් ආවෙ මට සීන් එක තේරුම් යද්දි.......

" ඇයි මිස් උදේ පාන්දර ?"

" කියල වැඩක් නෑ අභූ....අපේ එකාට කොච්චර කට කැඩෙනකන් කිව්වත් කිසිම දෙයක් කනකට ගන්නෑනෙ ...පොඩි කාලෙ හිතන් ඉදියෙ ලොකු වෙද්දි වත් මේව හරියයි කියල ......ලොකු උනාම ඊට හපන්...අනේ මන්දන්නෑ මේවා කවද හරියයිද කියල ..පුදුම හිතුවක්කාරකමක්නෙ තීන්නෙ.....මට දැන් මූට මේවා කියලම එපා වෙලා තීන්නෙ දරුවො....ඇත්තමයි මන් යනව යන්න සේරම දමල ගහල මහත්තය ළගට....තනියෙන් ඉන්න හැටි බලන්න.....මට සැක ඊළගට මේකව ඇස් වාට්ටු ගෙනියන්න වෙයිද කියල .... ඒක විතරයි නෙ දැන් අඩුවකට තීන්නෙ...."

අම්මෝ අම්මයි පුතයි හෙන වලියක් දාගෙනද කොහෙද....

" අම්මාහ්හ්.........!!"

අයියා කෑ ගැහුවෙ උඩ ඉදන්....

" කට වහගන්නව චූටි පුතා.... අප්පච්චී කෝල් කරපුදෙන්කො.....මන් පුතාගෙ කෙරුවාව කියන්න..... ළගදිම මගේ අතින් ඔය පෝන් එක නතර වෙන්නෙ ගේ පිටිපස්සෙ පල්ලමේ !!"

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now