🍁තිස්අටවන දිගහැරුම🍁

2.7K 623 256
                                    

අද මන් අසනීප වෙලා තුන්වෙනි දවස....දැන් නම් ඉහෙන් බහින ලෙඩක් මට නැහැ....ඒ නිසා මන් ආයෙ පුරුදු විදියට පාඩ්ම් වැඩ වලට අවධානෙ දුන්නා...

හෙට තමයි අපි ට්‍රිප් එක යොදාගත්ත දවස......තාමත් ගෙදරින් කිසිම කැමැත්තක් නැහැ මේකට.....අයියට කියලම මට ඇති වෙලා තීන්නෙ.....උදේ ඉදන් මන් එයාගෙන් ආව එක මැසේජ් එකකටවත් රිප්ලයි කළේ නෑ.....හොදට සීන් කරල පැත්තකින් තිබ්බා.... එයා නැත්තන් මන් මේ ගමන යනවනේ...එයා තමයි අම්මගෙ ඔළුවට විස පිරෙව්වෙ..... ගමනක් යන්නත් නෑ මෙතන මට රෙද්ද.....

ලස්සන නිසානෙ මේ සේ.....

" සුදු චූටි ....... "

" ඕ"

" මෙහෙ වරෙන්...."

පොත වහල දාලා එහෙන්මම ජනෙල් ටිකත් අඩවන් කරල මන් සාලෙට ආවා..... දැන් වෙලාව හවස හයට වගේ........

" ම්ම්...."

මන් කුස්සියට ගියාම ඉහ වහා යන සුවදක් ආවා...දෙයියනේ දෙයියනේ ආප්ප සුවදක්...

" ම්ම්ම්ම් "

පැණි ආප්ප...අම්මා පැණි ආප්ප හදල....

මන් දත් තිස් දෙකම දාලා හිනාවීගෙන ගිගින් ආප්පයක් අතට ගත්තම අම්මා මට තේකකුත් හදල දුන්නා...ඒ උනාට මන් අම්මා එක්ක තරහ වෙලා ඉදියෙ හැබැයි ......

මන් තේකත් එක්ක තව පැණි ආප්ප තුනක්ම අරන් ඇවිත් ටිවි එකේ යන මෙගා නාට්ටියක් දාගත්තා...වස කම්මැලි නැත්තන්.....

මන් ලෝබකමට මුලින්ම තේක බීලා හමාර වෙලා පැණි ආප්පයක් අතට අරන් කරස් ගාලා හපල කන්න ගත්තා....ම්ම්ම්....දිව්‍යලෝකෙ රස......

ඒත් එක්කම එළියෙ වාහනයක් නැවැත්තුවෙ මන් එහෙන්මම බෙල්ල එළියට දාලා බලද්දි....

අයියෝ.....ලස්සන නිසානේ දෙයියනේ මෙච්චර කරදර මට....

චටාස්ස්.....

"ආව්ව්ව්..........."

දොරෙන් බෙල්ල එළියට දාන් උන්න මගේ පුපට කිස් කන්න පාරක් වැදෙද්දි මන් පුප අල්ලන්ම බැලුවෙ අම්මා දිහා....

" ගිහින් උඩට එකක් දාගනින්....ලැජ්ජ නැද්ද හෙලුවැල්ලෙන් ඉන්න මහත්තය ඉස්සරහ...."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now