🍁හතළිස් දෙවන දිගහැරුම🍁

2.7K 603 269
                                    

" මේක  හොදටම විශ්වාසයි නේද නොනේ...දරුවට කරදයක් වෙන එකක් නෑනේද ?"

" මමත් මේ ස්කෝලෙ අදුරන ටීචර්ස්ලා කිහිප දෙනෙක්ගෙම අහල තමයි මේ කට්ටඩි මහත්තයව හොයාගත්තෙ.... අපිත් ළග ඉන්නවනේ පද්මා ...අපි බලමුකො...."

" අනේ නෝනේ මෙහෙම වත් මේ කරදරේ මගේ දරුවගෙන් නිදහස් උනොත් ලොකු දෙයක් නෝනෙ...."

අම්මා මගේ ඔළුවත් අතගගා කියද්දි මට නම් එච්චර හොදක් දැනුනෙ නෑ...... මිසුයි මායි අම්මයි එළියට වෙලා ඉද්දි සුදු සරමකට සුදු බැනියමක් ඇදල උන්න  කට්ටඩි අංකල් අපේ ගේ ඇතුලෙ  පැදුරක් දාලා එතන මොනාදෝ කරනව....ඒ අස්සෙ කකුලක් ගැටගහපු  කුකුළෙකුත් ඉන්නව එළියෙ ගටගහල.....

" අම්මා මන් පොඩ්ඩක් මූණ සෝදන් එන්නම්....."

" අභූ බය වෙලාද ඉන්නෙ....ම්ම්??"

මිස් මගේ කම්මුලක් අතගාලා අහද්දි මන් ඔළුව දෙපැත්තට වැනුවා....

" බය වෙන්නෙපා...මේවා මේ අපේ එදා ඉදන් එන දේවල් නේ...."

මන් මිස් එක්ක හිනාවෙලා පිළිකන්න පැත්තෙන් ටැප් එක ළගට ඇවිත් සාක්කුවෙන් පෝන් එක ගත්තා..... අද උදේ ගහෙන් ගෙඩි එන්න වගේ මිස් ගෙදර ආවෙ කට්ටඩියෙක් එක්කන්..... බලන් යද්දි අම්මත් මේ ගැන දැනන් ඉදල....මන් බය වෙයි කියල කියල නෑ.... මොනා උනත් මට හොද හැගීමක් නම් දැනෙන්නෙ නෑ.......

මන් එහෙන්මම අයියට කෝල් එකක් ගත්තෙ මෙ වෙලෙ මට ඉන්න එකම කෙනා එයා නිසා.....ඒත් කරුමෙට එයා අන්ස්වර් කරන්නෑ.....මන් ඒ නිසා එයාට මැසේජ් එකක් තියල ආයෙ ඉස්සරහට ආවා......

" ඔය දරුවා එක්කන් ආවා නන් "

කට්ටඩියා කියද්දි මට ඇතුළට යන්නත් බය හිතුනා.... අනේ මන්දා ඒ මනුස්සයත් මහ අමුතුයි....

" බය වෙන්නෙපා සුදු චූටි ...අම්මා ළග ඉන්නවනේ...."

අනේ මන්දා....

මන් ගේ ඇතුලට ගියාම කට්ටඩියා මගේ ඔළුවට සුදු රෙද්දක් දාලා ඒක බෙල්ල වටේ ඔතාගන්න කිව්වා.... දැන් ම්න මූ කියන පදේට නටන්න ඕනෙද ?

අම්මා ඒක ඔළුව වටේ ඔතල මාව එතන වාඩි කරව්වට පස්සෙ මිසුයි අම්මයිත් මගේ දෙපැත්තෙන් ඉදගත්තා.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now