🍁හතලිස්හයවන දිගහැරුම🍁

2.6K 621 265
                                    


චටාස්ස්.......👋

එහෙන්මම දොරේ අගුල දාලා මන් ළගට අඩියට දෙකට ආව එයා මාව වැලමිටෙන් ඇදල අරන් කනට ගැහුවෙ අනපේක්ෂිතව වැදුන පාර එක්ක මාව ඇද උඩටම වැටෙද්දි....

ඇගටත් පණ නෑ......ඒ අස්සෙ එයා ඇවිත් පාරක් අතාරිද්දි මට මල යකා පැන්නා....මන් කම්මුලට අත තිය්න් එයා දිහාවට දැම්මෙ මරන් කන්න බැල්මක්........

මන් කම්මුලට අත තියල බලද්දි මගේ දෙතොල් කොනෙන් ලේ බිංදුවක් බේරුනා.....මන් අයියා දිහා බැලුවෙ මරල දාන සයිස් එකෙන්.... බලාගමු...මේ මට අත උස්සන්න එයා.....

" තමු...සෙ....තමු...සෙ මට...ගැහුවා !!! මන් තමුසෙව මරනවා....තමුසෙ කොහොමද මට ගහන්නේ..ආහ්හ්හ්....!!!!"

" කට!!! කට  වහපන්.....එක වචනයක් කියන්නෑ !!"

එයා කේන්තියෙන් කිව්වෙ මගේ මූණට ඇගිල්ල උරුක් කරල....

මන් ඇදෙන් නැගිටල එයා ඉස්සරහ හිටගත්තෙ එයාගෙ ඇස් දිහා බලාගෙන.....

" අයියේ ??"

" කට වහපන් උඹ එක වචනයක් කියන්න ලෑස්ති වෙන්නෙපා..... උඹ හැමදාම රෑට ඇවිදිනව කියල කරන්නෙ රගපෑමක්ද ආහ් ?"

" කියන  දෙයක් පැහැදිළිව කියනවා....."

" උඹට කාටද ඔය සද්දෙ දාන්නෙ....."

" තමුසෙට...ඇයි....?? තමුසෙ ආයෙ මට ගහන්නද.....?? ආහ් ....?? කියනවා ඉතිං .....තමුසෙට මාව විහිළුවක්ද ඕයි..... "

" අභූ...!!!!! කටේ සද්දෙ අඩු කරල කතා කරපං .... උඹ මොනාද  යකෝ රෑ තිස්සෙ රබර් කැලේ මැද්දෙ කරන්නෙ ??"

" ඔයා කොහොමද ඒක දන්නෙ දන්නෙ මන් ඔයාගෙන් අහන්නද ? ම්ම්...."

එයා මන් දිහා කේන්තියෙන්ම බලන් ඉදියෙ මන් ලොකු හුස්මක් අරන් කේන්තිය පාලනය කරගනිද්දි......

" තමුසෙ ඇයි මට ගැහුවෙ ?"

" අහන දේට උත්තර දීලා හිටපන්.....උඹ මොනාද මහ රෑට රබර් කැලේ අස්සෙ කරන්නේ.......????"

ගේම දෙදරන සද්දෙන් අයියා ඇහුවෙ මගේ වැලමිටෙන් ඇදල අරන් ....

" කරන දේ නොදන්නව වගේ හැසිරෙන්නෙපා අයියේ.....ඔයා හොදටම දන්නව මට තියෙන ප්‍රශ්නෙ ගැන..."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now