🍁පනස් එක්වන දිගහැරුම🍁

3K 611 438
                                    

පෙරේදා මිස් පානදුර යන්න පිටත් උනාට පස්සෙ මට මිස්ලගෙ ගෙදර නම් යන්න ලැබුනෙ නෑ.... විභාගෙත් ළග ලගම එන නිසා මන් ඒකට ගොඩක් මහන්සි උනා.... සිත්තප්පා උනත් නිතරම කෝල් කරල අපි ගැන හොයල බැලුවා...අයියගෙයි මගෙයි රණ්ඩුවත් මහ ලොකුවට එහෙම ඇදුනෙත් නෑ.... ඔය විදියට ශේප් එකේ සතිය ගෙවිලා යද්දි අපිට ස්කෝලෙන් පණිවිඩයක් එව්වා ඇඩ්මිෂන් දාන්න එන්න කියල .....

එදා ගොං බඩ්ඩ නම් කිව්වා කොණ්ඩෙ කපන් පලයන් කියල ....අනේ කවුද අනේ ඔය කිව්වට එයා කියන දේවල් අහන්නෙ..... ශෑ ශෑ.....මන් නම් අහන්නෑ ඔය අලි පැටියා කියන ඒවා....හැබැයි මන් කියන ඒවා නම් එයා අහනව ඉතිං .... ඊයෙ එයයි අකිළ අයියයි සදෙව් අයිය‍යි හැදුවෙ ආන් අර පිටිගල පැත්තෙ දොළක නාන්න යන්න...මාව තනියෙම දාලා ...... හුහ්..... ගිහින් ආයෙ බොන්නත් ලෑස්තිය.... මන් කිව්වා තමුසෙ ගිහින් අහුවෙනවකො මට කියල ....එච්චරයි දෙයියනේ කිව්වෙ.... කිරි පුතා ගෙදර ....

මන් මේ එයාට යන්නෙපා කිව්වෙ මාව දාලා යන ඊරිසියාවට ....හුහ්...එයා ගිහින් තනියෙන් බොනව මට නෑ..... බලන්න මන් කියන දේ කොච්චර එයා අහනෝද කියල.....

කොහොම උනත් මන් අද උදේ ලෑස්ති උනේ එයාට මැසේජ් දාන ගමන්.....අන්ඩවෙයා එක අදිනව....මැසේජ් එකක් දානව... බැනියම අදිනව....රිප්ලයි එකක් දානව.... එයත් උදේ පොලිසියට යන්න ලෑස්ති වෙන ගමන්.... එයත් බොක්සර් එක අදිනව....රිප්ලයි කරනව...ආයෙ බැනියම අදිනව.... මැසේජ් එකක් දානව.... බලන්න ඒ ගැළපීම......

" අඩෝ.... යමන්.... "

" හා යන් "

අද ඉතිං ස්කෝලෙ ගිහින් ඇඩ්මිෂන් දාලා අපි ලෑස්ති උනේ කලින් ස්කෝලෙන් පයින්න...... සෙට් එකක්ම ඉන්නව....කට්ටිය හැදුවෙ කොහෙහරි යන්න..... මාත් ඉතිං මේ සැදී පැහැදී ඉන්නෙ යන්න තමයි .... කරන්න දෙයක් නෑ ගොං බඩුවට කියල යන්න වෙන්නෑ අපි ස්කෝලෙ පෝන් ගේන්නෑනේ... ම්ම් .... නැත්තන් මන් කියනව ඉතිං .... කරන්න දෙයක් නෑ.....ම්ම්....

සුරේෂය ස්කූටරෙන් ඇවිත් ඉද්දි කොමස් එකේ සෙට් එකම අපි මුලින්ම ආවෙ හන්දියේ කඩේ ළගට....

කොල්ලො ටික ගිහින් සිගරට් අරන් එද්දි මම කඩේන් ගිහින් ඕකෙ එකක් අරන් කකා උන්නා..... මන් බිව්වා කරා උනාට සිගරට් බොන්නෑ....මන් කැමති නෑ ඒවට......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now