🍁පනස් දෙවන දිගහැරුම🍁

2.7K 601 380
                                    

🍁 ලස්සන කවර් පික් එකක් හම්බුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 ලස්සන කවර් පික් එකක් හම්බුනා..... ගොඩාක් ස්තූතියි ❤

.
.
.
.
.

" ඉතුරු කරන එක කොච්චර හොද පුරුද්දක්ද කියල මේ මනුස්සයට තෙරෙන්නෙ නෑ අප්පච්චී ......වෙලාවකට කියල කියලම මගේ කටත් රිදෙනව.."

" අභූ.....උඹව උස්සල පොලේ ගහන්න කලින් ඕක නවත්තපන්...... "

අයියා මගේ උකුළ කොනිත්තල කියද්දි මන් කට වහගත්තා..... මොනා උනත් මන් කීකරු පැටියෙක්.....

" අභූ ඉන්න නිසාම හොදයි ඉතිං ...."

" අන්න ඒකයි අංකල්.....ඕක ඔයාගෙ පුතාට තමයි තෙරෙන්නැත්තෙ....."

" අනේ අංකල් මෙන්න මේ යකාව ඉය ගගට අතෑරගෙන යන්කො..... කනක් ඇහෙන්න නෑනේ"

සදෙව් අයියා කියද්දි මන් එයා දිහා රවල බැලුවා ......

" ඉතිං මන් තමුසෙගෙ කන් දෙක අල්ලන් ඉදියද ? අනේ මේ...... එන්නෙපා මගේ කට අවුස්සගන්න...... අංකල්....~ මෙයා මේ රෑට නිදාගන්න විතරයි ගෙදරට එන්නෙ...දවල් වරුවෙම අර කවුදෝ කෙල්ලෙක් එක්ක ‍රවුම් ගහන එක කරන්නෙ....ඇත්තටම සදෙව් අයියට ගෙදර ආරක්ෂාව භාරදෙන එක මහ මෝඩකමක්...."

" එහෙනම් අභූට භාරදුන්නා නම් හරි "

අකිළ අයියා හිමිජ්ජා වගේ කියද්දි මන් අයියට හොරෙන් එයා දිහාවට පැණි බැලමක් දැම්මා....

" ඔයාට උම්මා එකක් දෙන්න වටිනව ...... ආරක්ෂාව කෙසේ වෙතත් මන් අර ලස්ස......න අයියල ටික නම් බලාගන්නම්"

" තිසෙව් !! මූව මුල ඉදන් හදල ගන්න වෙනවා !"

" ඔව් මට තෙරෙනව අප්පච්චී ......"

අයියා ලොකු හුස්මක් අතැරල කියද්දි මමත් කට වහන් පෝන් එකට ඇස් යොමාගත්තා......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now