🍁හැට තුන්වන දිගහැරුම🍁

2.8K 580 278
                                    

" පැටියෝ..... නැගිටින්න...."

" ම්ම්ම්........."

" නැගිටල කිරි එක බොන්න....."

ඇස් කඩාගෙන යන හිරු එළියක් කාමරේට වැටෙද්දි අයියා මගේ නළලට සිපුමක් තියාගෙනම ගිහින් කාමරේ කර්ට්න් ඈත් කරල එළිය වැටෙන්න සැල්ස්සුවා....හොදටම එළිය වැටිලා....

" වෙලාව....?"

" දහය පහු දැන් ..... "

එයා කියද්දි මන් ඇදේ ඉදගත්තම එයා මට ඊයෙ ගලවපු බැගී ටී ෂර්ට් එක ඇන්දුවෙ මන් කකුල් පහළට දාලා ඇදේ ඉදගනිද්දි.....

" මේක බොන්න..... ම්ම් "

කිරි වීදුරුවක් එක්ක මන්චි චොක්ලට් බ්ස්කට් පැකට් එකක් දීලා එයා කියද්දි මන් ඔළුව වැනුවා....

එයා එහෙන්මම නැගිටල ඇද ගසද්දි මන් පොත් මෙසෙ පුටුවෙන් ඉදගෙන කකුල් එරමිණියා ගොතාගෙන බිස්කට් එක කිරි එකේ පෙගෙව්වා...

හිරුන්‍ය අයියා තාම කාමරේට ඇවිත් නෑ..... එයා කොහොමත් අයියටයි මටයි බාධා කරන්න කැමති නෑනේ.....

කාමරේ තිබ්බ කොස්සෙන් අයියා කාමරේ අතුගෑවෙ බෙඩ් ශීට්ස් ටික වොශින් මැෂින් එකට දාන ගමන්....

" පැටියො මේ ටික හේදුනාට පස්සෙ මතක් කරන්න උඩ ලොන්ඩ්‍රි රූම් එකේ ඩ්‍රයර් එකට දාන්න....නැත්තන් අද මේවා වේළන්න තැනක් නෑ...වැල් සේරම ගැලව්වනේ.... "

" ම්ම්ම්......."

එයා අලුත් බෙඩ් ශීට් එකක් අල්මාරියෙන් දාලා කාමරේ අතුගාලා කුනු ටික දොර මුල්ලෙන් තියල ඒසි එක ඕෆ් කළා.....

මෙහෙ මහ දවාලක් වෙනකන් උනත් හොදට නිදාගන්න පුලුවන් ....ඒසි එක නිසා ජනෙල් වලට ඝනකම කර්ට්න් එකක් දාලා තීන්නෙ... එළිය වැටෙන්නෑ ඒක අයින් කරනකන්....අනික ඒසි එක නිසා රස්නෙත් නෑනේ....

" ඔයා මොකද කළේ ?"

එයා නම් වොශ් එකක් දාලා අර කහ පාට ස්පෝර්ට්ස් ශෝර්ට් එකකට ටී ෂර්ට් එකක් දාන් ඉදියෙ.... සමහර විට අද කට්ටිය එහෙම ඉන්න නිසා එයා ටී ෂර්ට් එකක් අදින්නැති...

" කඩේ ගියා පැටියෝ..... උයන එක්කෙනා දැන් ටිකකට කලින් ආවෙ... පොඩි අල ළූණුවගයක් එහෙම ඔනෙ උන නිසා මන් ඒ ටික අරන් එන්න ගියා....."

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now