🍁හැටහතරවන දිගහැරුම🍁

2.7K 561 235
                                    

🌄🌄🌄🌄🌄🌄

🔊 " කොහේද කොහේද කොහේද
හොල්මන් තියෙන්නෙ.... ස්කුබි ඩුබි...
ඩුබි ඩුබි ඩූ.........~"

පෝන් එක කෑ ගහද්දි මන් ඇස් පියාගෙනම බෙඩ් සයිඩ් ටේබල් එක උඩ අතගෑවෙ පෝන් එක අහු වෙනකන්......

අන්තිමට ඒක අහු වෙද්දි මන් ආන්ස්වර් කරල ඇස් පියාගෙනම තියාගත්තෙ කනේ....

" යො.....බො..සේ....යෝ....."

" සුදු චූටි උඹ තාම නිදිද බන්..."

අම්මා...

" ම්ම්ම්......."

" සුදු චූටියෝ... මගුලට දින තීන්දු උනා බන්...."

" හෑ......කවද්ද ?"

මන් ඉක්මනට ඇදේ ඉදගත්‍තෙ නිදිමත කොහෙදෝ යද්දි...

" ලබන මාසෙ අටවෙනිදා...."

" හෑ...... තව මාසයක් වත් නෑනෙ අම්මෙ....එච්චර ඉක්මනට ?"

" හ්ම්ම්...... ඉක්මනට ලෑස්ති වෙන්ඩ ඕනෙ බන් ...උඹ තාම නිදිද සූදු චූටියෝ..."

" ඔව් අම්මේ.... දැන් ඇහැරුනෙ.... ඔයා මොකද කරන්නෙ...?"

" උදේම දේවාලෙට ගියා.... දැන් මේ ගෙදර ආවෙ.... සුදු චූටි වෙඩින් එකේ වැඩ වලට සිත්තප්පත් කියනව උඹට යාපනේ ඇවිත් යන්න කියල .... මේ සතියෙ විතරක්...මේ... "

මන් කිව්වෙ මන් කිව්වෙ....මට කොහොමත් විභාගෙ ඇර අනික් සේරම කරන්න පුලුවන් ...

" ම්ම්....මන් ඇවිත් මොකටද අම්මා...?"

" ඇදුම් එහෙම ලෑස්ති කරගන්න ඕනා නේ බන්..... උඹටත් ඇදුමක් මහන්න වත් දෙන්ඩ එපයි... උඹට පන්ති කවද්ද ?"

" අනිද්දා පන්ති මට.... බයෝ.... "

" මන් අද ගෙදර එන්නද...උඹ අද එනවනේ සුදු චූටි ?"

" ඔව් ...... මන් අද ගෙදර යනවා.... හරි දැන් සිත්තප්පා මට එන්න කියන්නෙ කවද්ද ?"

" මෙ සතියෙ ඇවිත් යන්ඩ පුලුවන් නම්....සිත්තප්පට උඹ...එක්ක කතා කරන්නත් ඕනෙලුනෙ..."

" ම්ම්..... දැන් ඉතිං මට එන්න කියනව නම් අම්මා මතුගම ඇවිත් තේරුමක් නෑනේ....ඔයා ඉන්න..."

" උඹ එනවද සුදු චූටියෝ ?"

ළග නොහිටියත් මට දැනුනා අම්මගෙ සතුට...

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now