One raining day

34 7 29
                                    

?-:""පුංචි පුංචි වතුර බිංදු එකතු වෙලා ලොකු වැස්සක් වහින්නේ... ඒ වාගේම තමා පුංචි පුංචි අකුරු හැදිලා තමා ගොඩාක් ලොකු වාක්‍ය හැදෙන්නේ.. ඒ වාගේම තමා පුංචි පුංචි සිදුවිම් එකතු වෙලා තමා මතක හැදෙන්නේ... ඒ වාගේම තමා මගේ හිතේ තියෙන මතකත්... මේ ලොකු වැස්ස වාගේ... කොයිලෙලේ වැස්ස නවතීද දන්නේ නෑ... ඒ වාගේම තමා මාත්..
වාහ් වාහ්... ඒක නම් උකෘෂ්ඨයි.. නිදිවර්ජිතයි.. හද පතුලත් හාරගෙන ගියා.. බලන්න ඒක ලියපු එකාහ්... ම්හ්...writhing by Bear_01..."

මේ ගෑණු ළමයා කවුද?? 

ඒ ගෑණු ළමයා කාමරයෙන් කිචන් එකට ගියේ කන්න මොනවා හරි ගන්න... 

?-:"ආහ්... මුකුත්ම නෑනේ. ෂිට්.මට අමතක වුණානේ... දුක නෑරේ සංසාරේ.... 🎶
ඉක්මනට ගිහින් රෑටත් මොනවා හරි උස්සගෙන එනවා....
ලෝකේ මැද ගෙයක් තියෙනවා.. එහි කෙල්ලෙක් ඉන්නවා... කෙල්ලට මිනාහ් කියනවා... ඒකී ගොන් ආතල් දෙනවා... 🎶"

සිංදුවේ හැටියට ගෑණු ළමයාගේ නම මිනාහ් ලූ... 

ටිකක් නට්ලූස් වාගේ.. පරිස්සමින් කල් ගෙවන්න වෙනවා...

අහස කලුවර වෙලා වුණත් තරු පේන තෙක් මානයක තිබුණේ නෑ.. මොකද ඒ වෙලේ ඒ කලුවර එක්කම තව වැහිබර වලාවක් තිබුණ නිසා..

වහී වාගේ තිබුණ නිසා ලස්සන කුඩයක් අරගෙන මිනාහ් එලියට බැස්සේ ෆුට්සිටි යන්න.... 

යනකම් නම් වැස්සට හිතුනේ නෑ මෙයාට බාධා කරන්න.. ඒත් නොහිතපු විදිහට එයා ඉන්න හරියට ළං වෙන වීදියට ආව හැටියෙම ඒ වැහිබර වලාවෙන් පුංචි පුංචි බිංදු පොලොවට වැටුණා . 

Minah-:"අනාහ්හ්හ්හ්හ්හ්... වහිනවා... හුරේ" 

ඒ බඩු එක්ක තෙමි තෙමි හෙමින් හෙමින් ගෙදර යනකොට විරුද්ධ පැත්තෙන් පිරිමි ළමයෙක් වැස්සෙන් බේරෙන්න දිව්වා. මිනාහ්ගේගේ ඇගේ හැප්පෙන්න නොහැප්පෙන්න වාගේ පාස් කරන් යද්දී මිනාහ් ඒ පිරිමි ළමයාව නැවැත්තුවා...

Minah-:" මේ කුඩේ ගන්න.. ඔයා මේ පැත්තේ නෙමෙයි වාගේ... ගොඩක් දුර යන්න ඕන වාගේ " 

??-:"ස්තුතියි."

Minah ත් එයාගේ ගමන පටන් ගත්තා..

One raining day ( Short story / 𝓑𝓲𝓻𝓽𝓱𝓭𝓪𝔂 𝓰𝓲𝓯𝓽 ) حيث تعيش القصص. اكتشف الآن