පළමු මාරුතය 🍃

99 8 3
                                    

මා නාරී

පළමු මාරුතය 🍃

" මන් යන්නේ නෑහ්..මට බෑහ්.මන් කරන්නේ මට ඕනෙ එක. අප්පච්චී ඔයාටත් බෑ මාව කුකුල් ෆාම් එකක වැඩට යවන්න…අම්මේ ඔයාවත් කියන්න අප්පච්චිට..මට ඔය හද්ද දොටේ තියන ජරා ගොඩවල් වල ඉන්න මොලේ අමාරුවක් නෑ…අනි…"

ඇගේ පියාගේ ඉවසීම සිදී ගියේ එවදන් අභියසය.හිද හුන් පුටුව හඬින් පිටු පසට කරමින් නැගී සිටි ඔහු බරැති සුසුම් කිහිපයක්ම පිට පිටම හෙළුවේ ඇගේ අහංකාර වදන් හමුවේ බුර බුරා නැගෙනා කෝපය නිවාගැනීමය.

" චූටි මැණිකේ….කරුණාකරලා ඔය කියවිල්ල නවත්ත ගත්තොත් හොඳයි…මොකද අප්පච්චිට දැන් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ..මන් කියන්නේ මොකද්ද ඒක තමයි අද ඉදන් මේ ගෙදර වෙන්නේ.ඔයා හෙට උදේම නිකවැරටියේ ෆාම් එකට යනවා.කොච්චර පොළොවේ හැපි හැපී කෑගැහුවත් මගේ තීරණේ වෙනසක් වෙන්නේ නෑහ්…"

ඔහු වේගවත් අඩි තබමින් සිය කෑමරයට වැදී දොර වසා ගත්තේ ඇය තක්බීරිව ඇයව නොතකමින් පිටව යන පියා දෙසම නෙතු අලවාගෙන සිටිද්දීය.මෙතුවක් කලක් නිවසේ මෙන්ම නිවසෙන් පිටතට පැතිරුනේ ඇගේ අණසකමය.ඉඳින් දැණුනේ දැඬි පරාජිත බවකි.කෙදිනක හෝ මෙවන් පාරජයක් ඇයට ලැබී නැත.

" අම්මේහ්…….."

ඇය සිය මවත් පියාට එරෙහිව ඇගේ මතයට නම්මවා ගැනීමට ප්‍රයත්න දැරුවද ඉන් ඵලක් වූයේ නැත.මවද පියා පිටු පසින්ම පිටව ගියේ ඇයව දෙමහල් විසල් නිවසෙහි සාලය මැද තනිකරය.අහංකාරයෙන්,උඩගුකමින්,මහන්තත්වකමින් හිස උදුම්මා හුන් හේවාවිතාරණ පවුලෙහි එකම දරුවා වූ රාහී ඉමානා හේවාවිතාරණ හුළං බැස ගිය බැලුමක් සේ වත බෙරි කරගෙන හුන්නේ ඒ ගත දැවෙනා කෝපයටත් පරාජිත බවටත් නෙතු කඳුලින් පොගවාගෙනය.

ඒ ඇසිල්ලේම ඇය අත නාද වෙමින් තිබූ තිබූ ජංගම දුරකථනය ඇගේ මිතුරියක නමින් නාද වූයෙන් ඇගේ සිත වෙලී ගියේ සිය මිතුරිය ගැනද නොරිස්සුමකිනි.ඇය ඇමතුව හා සම්බන්ධව දුරකථනය සවනත රදවමින් ඇගේ කාමරයට අඩි තැබුවේ තවමත් නොසන්සිදුනු කෝපය දරාගෙනය.

" රාහී උඹ මොකද බන් ටූ ලේට්නේහ්....අපි සෙට් වෙලත් ඉන්නේ....."

වේලාව බිත්ති ඔරලෝසුවෙහි රාත්‍රී හත ලෙස සටහන් වූයේ ඇයව ව්‍යාකූල කරමිනි.තමා රාත්‍රී සමාජ ශාලාව වෙත යා යුතුමය.එය ඇගේ දෛනික දිවියේ නොවරදිනා අංගයකි.යෙහෙළියන් හා අළුයම වෙන තුරු ඒ සිරුරු වල ගැටෙමින් නර්ථයෙහි යෙදීමට ඇයට අවැසි විය.වොඩ්කා වීදුරුවක් තොල නොගෑමෙන් නින්ද නම් ඇය අසලට හෝ නොපැමිණිනෙද්දී රාත්‍රී සමාජ ශාලාවන් ඇගේ මුදුන් මල්කඩ හා සම විය.

You've reached the end of published parts.

⏰ Last updated: Sep 25, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

මා නාරී 🍃 Where stories live. Discover now