🍁හැත්තෑපස් වන දිගහැරුම🍁

2.5K 593 365
                                    

" සුදු චූටි ..... මාත්තයා කන්ඩ ගියා....පොඩ්ඩක් ගිහින් බලාපන්කො කොල්ලො...... උඹට අද මක්කද වෙලා තීන්නෙ...."

මන් සාලෙ පුටුවෙ කොනකින් ඉදන් ඉද්දි අම්මා ළගට ඇවිත් ඇහුවෙ ඔරවගෙන....දැන් නම් එයා එරෙව්වත් ලස්සනයි .....

" එයා වොශෲම් ගියා......"

" මොකද උඹලා දෙන්නා ආයෙ මරාගත්තද ?"

"................."

" මැරුම් නොකා ගිහින් මත්තයට කන්න දීපන්....ඒ මනුස්සය මොනා හිතයිද ඊළගට..... උඹව ඇහේ තියන් රකින්නෙ...."

හනේද කියන්නෙ.... දැන් ඉතිං රකින්න තරම් සම්බන්ධයක් නෑනෙ.....

" යනවා දරුවෝ ඉතිං ....."

අම්මා කියද්දි මන් පුටුවෙන් නැගිටල අයියව හොයාගෙන ආවා.. එයා මගේ කාමරේ ඉදියේ....මන් යද්දිම වගේ එයා බාතෲම් එකෙන් මූණ සෝදගෙන එළියට ආවා.....

" කන්න යන්....."

එහෙම කියල මන් ඉස්සර වෙලා ආවෙ පහළට...එයත් මගේ පස්සෙන්ම ආවා....ඒත් මන් පහළට යද්දි පාට්ටි කතා කරපු නිසා මට පාට්ටි පස්සෙන් යන්න උනා.....

ඒ වැඩේ කරල මන් එද්දි අයියා හොයාගන්න ඉදියෙ නෑ....එළියට ගිහිල්ලත් විපරං කරල බලද්දි මන් දැක්කා එයා බත් පිගානක් බෙදාගෙන කාර්ති මාමා එක්ක කයිය ගහනව....

මන් උදේ ඉදන් එහෙට මෙහෙට දුවල පැනල මටත් මහන්සී බඩගිනි....එයා කනකන් මාත් නොකා ඉදියා....දැන් එයා ගිහින් මටත් නොකියා කනව....

මට කේන්තියකුත් දැනුනා...... එයා හිතාමතාම මාව නොසලකා හරිනව..... එයා එහෙම කරාම හරිද එතකොට .....? රිදෙනව කියල දැන දැනත් රිද්දන්නේ....?

මන් ඇගිලි එකට ගුටි කරන් යන්න හැදුවත් කාර්ති මාමා එක්ක හිනාවෙවී කතා කරන එයා දිහා බලන් ඉදියා.....

ඒ කියන්නෙ එයා මාව අමතක කළාද ? සදහටම.......

ඒක සම්බන්ධයක් නවත්තන්න තරම් වරදක්ද එතකොට ?

මන් දන්නව එයා මුල ඉදන් කැමති උනෙේ නෑ මන් එයාට බොරු කරනවට....එයා මගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු නොවුනා කියලත් මන් දන්නව.... ඒත් පණ දීගෙන ආදරේ කරපු කෙනාව අමතක කරන්න තරම් ලොකු වැරැද්දක්ද ඒක.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now