🍁හැත්තෑ හත්වන දිගහැරුම🍁

2.7K 595 600
                                    

🍁 මෙක දැකල පැටියා මතක් නොවුනොත් වුබර් ගොටුකොළ Tiricanek

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🍁 මෙක දැකල පැටියා මතක් නොවුනොත් වුබර් ගොටුකොළ Tiricanek.....!!

.
.
.
.
.
.
.

🍁

" පැටියෝ....."

මන් ඉදියේ පෝන් එකෙන් අම්මට මැසේජ් එකක් දාමින් වෙද්දි එයා මෙසෙ උඩ තිබ්බ මගේ අත තද කරල අල්ලගත්තා......

" ම්ම්......"

" අයියා මොන හේතුවක් නිසාද මට මේක කියන්න එපා කියල ඔයාට කියන්න ඇත්තෙ ?"

මන් පෝන් එක පැත්තකින් තියල එයාගෙ මූණ දිහා බැලුවා.....

" එයා අනාගතේ දකිනව අයියේ..... එයාට වෙන්න තියෙන දේවල් වළක්වන්න බෑ....ඒත් එයා හානිය අවම කරගන්න උත්සහ කරනව....."

එයා ලොකු කල්පනාවකට වැටුනම මන් ප්ලේට් එකේ ඉතුරු උන අන්තිම පීසා ස්ලයිඩ් එකත් කන්න ගත්තා.... දැන් හවස පහත් පහු.... හොදටම කළුවරයි....අද වැහිබර දවසක් නිසා රෑ හත අට වගේ කළුවරයි......

" අඩුම මට හරි මෙ ගැන ඔයාට කියන්න තිබ්බෙ....."

එයා කිව්වම මන් එයාගෙ අතින් මගේ අත මුදවගෙන එයාගෙ අත උඩින් මගේ අත තිබ්බා.....

" මේ දේවල් ගැන කතා නොකර ඉමුද..... ඒක ඇත්තටම මට වදයක් "

මන් කිව්වම එයා හිනාවෙලා ඔළුව වැනුවා.....

" කෝ යකෝ මෙකේ තිබ්බ අන්තිම කෑල්ල "

එයා කියද්දි මන් ගොන් හිනාවක් දාලා බාගයක් කාපු පීසා කෑල්ල එයාට දුන්නා....

කාලා ඉවර වෙලා අපි දෙන්නා ගෙදර එන්න පිටත් උනා....කාලෙකට පස්සෙ ඔළුව උඩ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ දැනුනෙ....හිතේ තිබ්බ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම සීයට සීයක් විසදුනේ නැතත් හිතට සහනයක් දැනෙනව....මීට මාසෙකට කලින් මන් වෙනුවෙන් එයා ඉන්නවනේ කියන හැගීම අදත් දැනෙන්න අරගත්තා.... එයා හැමදාම මන් වෙනුවෙන් ඉදියා...ඒක මන් පිළිගන්නව.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now