🍁හැත්තෑ අටවන දිගහැරුම🍁

2.4K 631 328
                                    

දැන් වෙලාව කීයද කියල හරියටම නොදන්නව උනත් අනිවාරෙන් රෑ අටට නවයට වත් ඇති කියල මට හිතුනා..... ගොඩනැගිල්ලෙ උඩම තිබ්බ පොඩි ජනෙලෙන් මට පේනව කළුවර අහස.... ඒ අහසෙ ලාවට හුළං පොදක් හමද්දි ලස්සන හදත් පායලාඒ එළිය ගොඩනැගිල්ල ඇතුළට ලාවට වැටිලා තිබ්බා......

" ම්ම්ම්ම්ම්හ්......"

ලේ ගලන තැනත් අල්ලන් මන් සීතල දූවිලි පිරුණ පොළවෙ වකුටු උනේ අසිහියෙන් වගේ...... මට මැරෙන්න තරම් අමාරුයි.... පැය ගානක් තිස්සෙ මන් මේ වේදනාව කාගෙන බලන් ඉන්නව......

එයා එයිද ? මන් මෙතන කියල දන්නව නම් එයා අනිවාරෙන් එනව...ඒත් මන් මෙතන කියල ඒ මනුස්සය දන්නැත්තන් මොනව කරන්නද?

මන් පොළවට නළල තද කරගත්තා.....

මට හිතුනෙම අද එළි වෙන්න කලින් මන් මැරේවි කියල ...... මට අම්මව ගොඩක් මතක් උනා.... එයා දන්නෙ වත් නැතුව ඇති.... සමහර විට දන්නවත් ඇති ..... කමක් නෑ.....ඉස්සර වගේ නම් මට එයාව දාලා මැරෙන්න හිත හදාගන්න බෑ...ඒත් දැන් එයාට මන් නැතුවට සිත්තප්පා ඉන්නවනේ.....

මන් යකඩ කූරෙ තිබ්බ රැලි රැලි ගියපු කඩතොළු දිගේ ඇගිල්ලක් ඇදන් ගියා.... මට උදව් කරන්න පුලුවන් කවුරුත් මේ අහල පහළක වත් නැද්ද ?

හිරුන්‍ය අයියා මගේ ළගම ඉන්නව මට දැනෙනව....අඩුම එයා එක්ක කතා හරි කරන්න තිබ්බා නම් කියල හිතුනා.....

" අහ්ම්ම් හ්හ්......"

මන් දෙතොල් හපාගත්තා..... මට කෙදිරිගෑවෙනවා...වේදනාවට..... දැන් නම් හිතෙනව එකපාර මරල දැම්මනම් කියල ......

ප්‍රමෝද් කියන්නෙ මහ ජරා මනූස්සයෙක්..... ඌට සමාවක් ලැබෙන්න හොද නෑ......

මන් ඇස් පියන් තද කරගත්තා.... කදුළු බින්දු සට සට ගාලා මගේ කම්මුල් දිගේ වැක්කෙරෙද්දි මගේ නළල දිගේ හිරුන්‍ය අයියගෙ අතැගිලි පහස ගලාගෙන යනව මට දැනුනා..... එයා දුර්වල නොවුනානම් අද ප්‍රමෝද් මැරෙන්නෙ එයාගෙ අතින්......

ඒත් එක්කම එළියෙන් සද්දයක් ඇහෙද්දි වැහිලා තිබුන දොර ආයෙම වතාවක් ඇරුනා.....

මන් ඒ දිහාබලාගෙන ඉද්දි දොරෙන් ඇතුළට ආවෙ අරූගෙ මිනිහෙක්....

මන් ආයෙ ඇස් පියන් තද කරගත්තා....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now