Miracle Song 💞

34 11 25
                                    


👩"මටත් ඔයා වගේ වෙන්න තිබ්බ නම් 🙂 රහසක් තියෙද, මටත් කියන්න බැරිද 🥺"

හං ගඟ ළඟට වෙලා ගඟ දිහා වශී වෙලා වගේ ඉඳපු Soulට ඉබේටම කියවුණා.

👦"එයා හරි ආඩම්බරකාරියක්....😊 ඔයා ඒ ගැන දන්නෙ නැද්ද?"

නොහිතපු වෙලාවක Soulගෙ ප්‍රශ්නෙට පිළිතුරක් (ඇත්තටම ඒක තවත් ප්‍රශ්නයක්) දුන්න ආගන්තුකයා කවුද කියල බලන්න Soul තමන් ඉඳපු හීන ලෝකෙන් මිඳිලා ඔලුව උස්සලා බැලුවා.

👦"ඔහ්.... ඔයා බයවුනාද? සමාවෙන්න, අදාළ නැති ප්‍රශ්නෙකට උත්තර දුන්නට🙃" ආගන්තුකයා සිනාමුසු හඬින් උත්තර දුන්නා.

👩"ආනි....ආනි.... එහෙම නෑ.සමාවගන්න ඕනෙ නෑ ඔයා" Soul බිම බලාගෙනම උත්තර දුන්නා.

👦"ඉතින්, මාත් එහෙනම් මෙතනින් ඉඳන් මේ ආඩම්බරකාරිගෙ හැඩ බැලුවට කමක් නැද්ද?" ආගන්තුකයා Soulගෙන් ඇහුවා.

👩"ඒකට කමක් නෑ. මේක එක්කෙනෙක්ට කියල අයිති තැනක් නෙවෙයිනෙ කොහොමත්🙂"

👦"එහෙනම් ඔන්න වාඩි වුනා"

👩"මෙයා ආඩම්බරකාරියක් කියල දන්නවා කියන්නෙ ඔයත් මං අහපු ප්‍රශ්නෙම එයාගෙන් ඇහුවද?"

👦"අනිවාරෙන්, එක දවසක මං ඇහුවා.ඒත් එයා කලබලයක්වත් ප්‍රශ්නෙ ගැන උනන්දුවක්වත් දැක්කුවෙ නෑ, ඔහේ ගලන් ගියා"

👩"ඕ ඒකත් එහෙමද.සමහරවිට එයාට ලැජ්ජ හිතෙන් ඇති😊"

👧"ඒ ඇයි🙄"

👩"එයත් ගෑනු ළමයෙක්නේ ඉතින්😒"

👦"අපොයි...මට අමතක වුනානෙ ඒක😅"

👩"අනිත් දවසෙ මතක තියාගන්න ඒක තමයි වැදගත්ම point එක😌"

👦"එයා එසේ මෙසේ ආඩම්බරකාරියක් නම් නෙවෙයි.හරි හිතුවක්කාර ආඩම්බරකාරියක්🙂 "

👩"ඇයි ඒ🙄"

👩"එයාට කොච්චර රිදෙනවා ඇද්ද. ඔය ගං පතුලෙ කොච්චර ගල් ඇත්ද... එයාගෙ උඩින් කොච්චර බෝට්ටු යනවද තව කොච්චර දේවල් වෙනවද. ඒ වුනාට ඔයාට පේනවද කිසි ගානක් නැතුව මෙයා ගලන් යන හැටි🙂"

👩"ඇත්ත.එයා හිතුවක්කාරයි.මාත් ආසයි හිතුවක්කාර වෙන්න😄"

👦"ඔව් ඉතින් ආඩම්බරකම නම් දැනටමත් තියේනෙ🙃"

Miracle Song 💞   |Min Yoongi| Where stories live. Discover now