1

31 9 18
                                    

"මහත්තයා දැන් කොච්චර වෙලා ඉදන්ද මහත්තයො ඔතන බලන් ඉන්නෙ..ඔය ගම් පලාතටම තියෙන්නෙ එක බස් එකක් නොවැ..අදත් ඕක කැඩිලා ඇති..මොකෝ ඉතින් හැමදාම එහෙම නොවැ..දිරච්ච ලදරම්.."

SIGH...not my fucking first day..

හැමදාම වැඩක් පටන් ගත්තොත් ඔච්චරම තමයි.ගුරුවරයෙක් විදියට පලවෙනි පත්වීම අරගෙන පලවෙනි දවසෙම හෙන happy එකේ යන්න හිටපු මන්..හැපි එක නම් අනේ මන්දා..
නමට විතරයි තිසෙව්..තිසෙව් කියන්නෙ සතුට කියන එක උනාට මේ ජීවිත කාලෙ පුරාවටම මන් සතුටින් උන්න එක දවසක්වත් හිතාගන්න බැරි තරම්.. අනේ මන්දා මේ ජීවිතේ නම්..

"මහත්තයා..මහගල්කඩවල  ගම පැත්තට නම් යන්නෙ මාත් එක්ක යන්න පුලුවන්.."

"අහ්.."

"මහත්තයා දැන් කොච්චර වෙලා මෙතන උන්නත් බස් එකක් නම් එන්නෙ නෑ.කරුවල වැටෙනකම්ම මෙතන බලන් ඉන්නද හදන්නෙ..මාත් ඒ ගමේම තමා මාත් එක්ක යන්න පුලුවන්.."

උසම උස අව්වට කරවෙලා ගියපු හමක් තියන කොල්ලෙක්...හැම ගමේ කෙනෙක්ගෙම වගේ ඒ පොලව එක්කම ඔට්ටු වෙලා ගානට හැදුනු ඇගක් තියන කොල්ලෙක්...
මෙහෙම මිනිස්සු දකිද්දි මට මන් ගැනම ලැජ්ජයි..ගෙදරට වෙලා ජීවිත කාලෙම පව්ඩර් බබෙක් වගේ හැදුනු මන් මේ මිනිස්සු ලගින්වත් තියන්නෙ කොහොමද..ඒත් ඉතින් එහෙම හැදුනෙ මට ඕන නිසා නෙමේනෙ..ගෙදර මිනිස්සුන්ට ඕන උන නිසා...ඇත්තටම මන් මෙච්චර කාලයක් උන්නෙ මට ඕන විදියට නෙමේ එයාලට ඕන විදියටනෙ...අද ඉදන් ඒක වෙනස් වෙයි..

ජීවිතේ පලවෙනි වතාවටම කවදාවත් අදුරන් නැති මිනිහෙක් එක්ක මන් මගේ දෛවය මොන වගේද කියලා හොයන් යන්නය්ඉ හදන්නෙ...ඉස්සර හිටපු තිසෙව් ට නම් කවදාවත් පිටමිනිස්සු එක්ක කතාකරන්නවත් අවසරයක් තිබුන්නෑ..ඒත් දැන් මන් ඒ ජීවිතෙන් ගොඩක් ඈත් වෙන්න උත්සහ කරන ගමන්..

මේ මනුස්සයා පෙනුමෙන් නම් මට වඩා අවුරුදු දෙක තුනකට වැඩි වෙන්න විදියක් නෑ වගේ...තැපැල් 19 බයික් එකක් ලගට වෙලා මන් දිහා බලාගෙන ඉන්න ඒ බැල්ම මාව දිය කරලා දානවා වගේ කියලත් හිතෙනවා..

"ම්ම්..හෙල්මට්.."

"මේ ගම්වල යන්න මොන හෙල්මට් ද මහත්තයො.."

We don't know what we are doing Where stories live. Discover now