181

728 44 7
                                    

#දුඹුරු_සඳ_181

ඉඳින් ළය ගැහෙනා වේගය ඇයටම සිතාගත නොහැකි තරම්. හැඟුණේම ඒ ළය ගැස්මට තම සිරුරම ගැහෙනා වගක්. වෙනදාට ආග්නගේ එක් ස්පර්ෂයක් විණාරාට මුළු ලෝකයම අමතක කර දැමුවද මේ මොහොතේනම් විණාරාට දැනුණේම බියක්, තැතිගැන්මක් පමණයි.

එදින රාත්‍රියේ හෝරා කිහිපයකට පෙර තමා දුටු දසුන ඇයට දැනෙන්නේම බිහිසුණු දසුනක් විලසට. එයින් ඇයව කම්පනයකට මෙන් පත්ව තිබෙද්දී ඔහුගේ මෘදු හෝ රළු අනුරාගී ස්පර්ෂයන් වෙනදා මෙන් ඇය සිත අවුලුවා දමන්නේ ප්‍රේමයෙන් නොව භීතියකින්.

මොහොතකට පෙර ඇය දුටු දසුන නිසාවෙන් ඇය උන්නේ බියෙන් තැතිගෙන. විණාරා යනු සාමාන්‍ය තත්වයක හිඳිනා තරුණියක් නොවන අතර ඇයගේ අසනීපය නිසාවෙන් ඇයට තිබෙන්නේ සාමාන්‍ය මනසක් නොවේ. ඒ සියල්ලටත් වඩා ආග්නව පමණක්ම මතක විණාරාට මේ ලෝකය තුළ හිඳිනා විශ්වාසවන්තම පුද්ගලයා වූයේ ඔහුම පමණයි.

ඇයට රැකවරණයක් දැනුණේද ආග්න අබියසදීම පමණයි. ඒ කාරණා උඩ ඇයගේ හදවතට, ජීවිතයට අතිශය සමීප එකම ප්‍රාණියා ආග්නම පමණක් වද්දී ඔහුගේ තමා නොදුටු පැතිකඩ දැක විණාරා තැතිගැනීම, බියපත්වීම සාධාරණයි.

මන්ද යත් යමෙකුට තිබෙනා එකම රැකවරණය, එකම හව්හරණ අබියසදීත් අනාරක්ෂිත හැඟීමක් දැනෙද්දී ඒ පුද්ගලයා බියපත් වීම, කම්පනය වීම සර්ව සාධාරණයි.

"You can't do this again ah!"
(ආයෙ මෙහෙම කරන්න බෑ ආහ්!)

ඉඳින් ඒ මොහොතේ විණාරාගේ මානසික තත්වය පිළිබඳව කිසිදු දෙයක් නොදන්නා ආග්න ඇයව බියවද්දන්නට තැනුවේ විහිළුවට වූවත් එයින් සිදුවූයේ මුවැත්තියක මෙන් බියපත්ව හිඳිනා විණාරාගේ සිතට තව තව බියජනක සිතිවිලිම ගොඩගැසීම.

"හ්ග්..."

බියජනක සිතිවිලි පිරුණු ලෝකයක තිගැස්මක් සමඟ අතරමංව හුන් විණාරාගෙන් ආග්නගේ වදන් වලට ප්‍රතිචාරයක් නොවද්දී ආග්න ඇය හැඳවුන් ටීශර්ටයට යටින් ඈ උදරය ස්පර්ෂ කරලූයේ විණාරා තිගැස්සී යද්දී. වෙනදාටනම් ඔහුගේ මෙම එකදු දඟකාර ස්පර්ෂයක් හමුවේ ඇය ඔහුට නතුවී යන්නේ ඉබේම.

දුඹුරු සඳ | On hold (150 කොටසේ සිට. මුල් කොටස් නැත)Where stories live. Discover now