~•𝓤𝓝𝓚𝓝𝓞𝓦𝓝 •~

44 8 12
                                    

කෙටිකතාවකි...

" සූක්ෂම ලෝකයෙහි " ඔහු තම කතාව ආරම්භ කලේය.

" මරණයත් සමග ඒ ශරීරවලින් නික්ම යන ආත්මය පිලිගැනීමට නොයෙකුත් මට්ටම්වලින් සමන්විත වූ ආකාශ තලයන් තිබෙනවා . කර්ම තත්වයන් අනුව මෙලොව ජීවිතයෙන් නික්ම ගිය බොහෝ සූක්ශම ශරීර විවිධ තලයන්හි වාසය කරනවා . මා මෙයින් අදහස් කරන්නේ අදබාල පුද්ගලයෙකුගේ කර්ම ශක්තිය දුර්වල වූ විට ඔහු පහත් තලයකත් ඊට වඩා ඊට වඩා ඉහල කර්ම ශක්තියක් ඇති පුද්ගලයන්ගේ ආත්ම ඊට ඉහල තත්වයක සිටින බවයි.මනුෂ්‍ය ආත්මයේදී ඔහු භෞතික දෙයට පමණක් නැඹුරුව සිටියා නම් ඔහු ඒ මරණයෙන් පසුව ඉතා ඉක්මනින් නැවත උපදින්නේ එවැන්නෙකුට භාවනායෝගී වීමෙන් ලැබිය හැකි ප්‍රතිපලයක් නොවන නිසා සහ ඔහුගේ සියලුම අවශ්‍යතාවයන් භෞතිකමය ඒවා වීමත් හේතුකොට ගෙනයි. මෙවැනි ආත්ම ඉතා ඉක්මනින් ආපසු මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට එන්නේ මනුෂ්‍ය ලොවෙහි එවැනිම වූ දෙමාපිය ස්වභාවයේ තත්ව බොහොමයක් තිබෙන නිසා හා නැවත මූර්තිමත් වීමට එමැගින් අවස්ථාවක් ලැබෙන නිසා. "

" සාමාන්‍ය භෞතික ජීවීතයට අනුගමනය වූවන්ට භෞතික ජීවිතය අවම කර ගැනීමට අවශ්‍ය වී ආධ්‍යාත්මය දියුනු කරගත් විට එවැනි උසස් තලවලට යා හැකි වන බව අපේ මුතුන්මිත්තන් විශ්වාස කරනවා."

දිග සුසුමක් පහත දැමූ ඔහු... " මෙය පුනරුත්පත්තියටත් අදාලයි . මට පේනව මිස්ටර් හූවර්ට ඕනේ නැති බවක් මේ සාක්ච්චාව තව දුරටත් කරගෙන යන්න"... " මන් හරි නේද හූවර් මහත්මයා ? " ... තම උපැස් යුවල ගලවා තබමින් කේම්බ්‍රිජ් සරසවියේ මහාචාර්ය වරයෙකු වූ ඩොක්ටර් බිල් මහතා ඇසුවේ හූවර්ගේ මුහුනේ සෑම අගලක්ම තම උකුසු ඇස් වලින් සෝදිසි කරමිනි.

හූවර් හිස සැලුවේ කිසිත් නොපවසමිනි. ඔහු තම බිරිය දෙස බැලුවේය . ඔහුගේ නලල මත ඇති දහදිය බිදු ඒ අසල ඩෙස්කයේ තබා තිබූ කොෆි ට්‍රේ එකට වැටුනේ හූවර් මහතාව තවත් නොසන්සුන් කරමිනි. සැන්දෑව වෙහෙසකර වී තිබුනි.

ඔහු නැවත වරක් ඔහුගේ ඒකාකාරී නමුත් සන්සුන් දිවියට පිට පිට ප්‍රශ්න , කරදර කඩා පැන්නේ ඔහුගේ මනසේ තිබූ ඒ සන්සුන් බව ගිලිහෙමින් තිබෙන අතරතුරයි. එයට ප්‍රදාන හේතුව වූයේ ඔහු රැකියාව කල ස්ථානයෙන් ස්ථාන මාරු වීමක් ලබා දීමය.

𝗥𝗘𝗜𝗡𝗖𝗔𝗥𝗡𝗔𝗧𝗜𝗢𝗡  * ₒₙₑₛₕₒₜ *[COMPLETE]Where stories live. Discover now