• 𝓤𝓝𝓚𝓝𝓞𝓠𝓝

26 8 11
                                    


කෙටිකතාවකි.

- " තාත්තේ , තාත්තේ , තාත්තේ! "

මම හරියටම දවස් තුනක් තාත්ත එනකන් ඒ ගෙදර බලන් හිටියා. ඒත් තාමත් තාත්ත ආවේ නැහැ. ඔහුට මොකක් වුනාද කියන්න මන් දැනන් හිටියෙත් නෑ. ඒක දැන්ගන්න මට වුවමනාවක් තිබුනෙත් නෑ . ඒත් මම හිතුව ඔහු මට මෙහෙම කරන එකක් නැතිවෙයි කියලා. මට මගේ තාත්තා ගැන ආදරයක් නැති වුනත් හිතේ කොණක ඒ මගේ තාත්තා යන හැගීම තිබුනා , තාමත් තියෙනවා . ඉතින් මන් බලන් හිටියා.

මුලු ගෙදරම කලුවරේ ගිලිලා. මගේ ලයිටර් එකත් එදා වැස්ස දවසේ නැති වුන නිසා දැන් මට මොකුත් පේන්නේ නෑ. මට කන්න තිබ්බේ තාත්තා ඉතුරුකරල ගිය කැරට් අලයකින් භාගයකුත් කිරි බෝතලේ අඩියේ තිබ්බ කිරි ටිකත් විතරයි. වෙනද යන බේකරියට ගිහින් මොනාහරි හොරකන් කරල එන්න හිතුනත් දැන් තාත්ත එයි කියලා හිතුන නිසා මම නැවතුනා. දවස් තුනක් ගතවෙද්දි ඒ කෑම ටික ඔක්කොම ඉවර වෙලා තිබ්බේ. ඇත්තටම කිව්වොත් දවස් දෙකයි. වයස අව්රුදු 15 ක මට ඒ ආහාර ටික දවස් තුනකට ඇති වීම පිලිබද මන් හිටියේ පුදුමයෙන්. නෑ ....ඇති වුනා...මට එය කොහෙත්ම ඇති වුනේ නැහැ. නමුත් මම මීට පෙර දවස් ගනන් බඩගින්නෙන් හිටි දවස් නිසා මට එය ගානක් වුනේ නැහැ. මම මීට කලින් සති ගනන් ආහාර නැතිව බඩගින්නෙන් හිටි අවස්ථා තිබුනා. එහෙම දවස්වලදි තමයි මම සොරකම් කිරීමට පෙලඹුනේ.
මම මීට පෙර දැක තිබුනා සමහර ලමයි බඩගින්න ඉවසගන්න බැරිම් තැන සොරකම් කරන අවස්ථා.

මගේ තාත්තත් එක්ක ඉදලා දැන් මට හොදට අරපිරිමැස්ම කියන දේ පුරුදුවෙලා තිබ්බේ . තාත්තා හැමතිස්සෙම හැමදේම ඉතුරු කරා. එයා රෑට කෑමක් හැදුවොත් ඒ ඉතුරු වෙන කෑම ටික එයා තියාගත්තේ ඔහුගේ උදේ ආහාරය පිණිස . ඒ හුගක් වෙලාවට ගෝව සුප් එකක් වුනත් ඔහු ඒක ගැන තැකීමක් කලේ නැහැ. අපි හුගක් වෙලාවට රෑ කෑමට ගෝව දාපු සුප් එකක් ගත්තේ ඒකට ඕනේවුනේ ගෝව විතරයි නිසා. තාත්තා කොයිවෙලාවකවත් කෑම ගැන සැලකිලිමත් වුනේ නැහැ. ඔහු හීන දැක්කේ සල්ලි පිරිල ඉතිරිලා තියෙන ඔහුගේ ලෝකයක් ගැන. ඒ සදහා ඔහු මහන්සි නොතකා වැඩ කලා.

මම මගේ තාත්තාගෙන් ඉගෙනගත්ත එකම දේ වුනේ තමන්ට මොනාහරි ඕනනන් ඒ සදහා තමන්ගේ උපරිමය කල යුතු බව. ඔහු සැමවිටම ඔහුගේ උපරිමය කලා. බීමත් අවස්ථාව වලදී මට තලන අවස්ථාවවන් වලදී පවා ඔහු ඔහුගේ උපරිමයෙන් ඔහු එය සිදු කලා. ඔහු මත්පැන් පානය කලේ තමාගේ මුදල් වලින් නොවේ. එය බොහෝ විට ඔහුගේ චාටු කතා වලට රැවටුනු අහිංසක අදබාල මිනිසෙකුගේ මුදල් වලින් වුනා . එය බෝනස් එකක්. හරියට කොෆී කඩයකට යන පාරිභෝගිකයෙකු එහි සේවය ගැන පැහැදී ටිප් එකක් තබා යනව වගේ.

° 𝗜𝗧 '𝗦 𝗠𝗘 * ₒₙₑₛₕₒₜ * [ COMPLETE ]Where stories live. Discover now