Hickeys🥲❤️‍🩹✨

42 5 13
                                    

Han's pov
ඉර එලිය එක පාරම ඇවිත් මූනට ටැටුනත් එක්කම මම ටිකක් හිමීට ඇස් ඇරියා
" ආහ්හ්.."
මට එක පාරම ඒම කියවුනේ ඔලුව ඇතුලෙන් දැනුන වේදනාවට..මම ඒමම නැගිටින්න හැදුවෙ වතුර ටිකක් බොන්න..
ඒත් ඇයි මගෙ රූම් එක වෙනස් වෙලා.. හරියට නිකන් ජිමින්ගෙ රූම් එක වගේ.. ටිකක් ඉන්න මේ එන සුවද ඔව් ඒක ජිමින් ලගින් හැම වෙලේම එන lavender සුවද.. මම ඒමම මගෙ ඇස් දෙකත් ටිකක් පොඩි කරලා මගෙ එහා පැත්ත බැලුවෙ ලාවට වගේ දැකපු දේ ඇත්තද බලන්න..

මට එහා පැත්තෙ ජිමින් හොදටම නිදි.. අනික මම මේ ඔලුව තියන් ඉන්නෙත් එයාගෙ අත උඩින්..
" හපොයි.."
මමත් එයා දිහා ඒමම බලන් හිටියෙ ඊයෙ මොනවද උනේ කියන එක කල්පනා කරන ගමන්..
මම කා එකට නැගපු තැන ඉදන් බොන්න පටන් ගත්ත එක.. ඒයා මාව එක්කන් ආව විදිය.. මම බැල්කනි එකට වෙලා කියවපු දේවල් මට එකින් එක මතක් වෙන්න ගත්තා.. ඒත් එක්කම මම ඩුවට් එක ටිකක් උස්සලා බැලුවෙ මම හිතුව දේ ඇත්තද බලන්න..

මම ඩුවට් එක  උස්සද්දි ටිකක් හෙලවුන නිසාද කොහේදෝ ජිමින් එයාගෙ අතක් මගෙ ඉන වටෙන් දාලා මාව තව ටිකක් එයා ලගට ගත්තා..

" බය වෙන්න එපා ඔයා හොද සිහියෙන් හිටියෙ නැති නිසා මම මොනවත් කරේ නෑ.."
එයා ඒ ටික මගෙ කන ලගින් හිමීට මිමිනුවා..

" ජ්.. ජිමින් ඔයා නැගිටලාද හිටියෙ.."

" හ්ම්ම්.. මගෙ අත උඩට වෙලා නැගිටපු තැන ඉදන් කැර කෙද්දි මට නැගිට්ටුනා.."

මම එහෙමම අනිත් පැත්තට නැගිටින්න ගියෙ..

" ඒයි.. නැගිටින්න එපා තව ටිකක් මේම ඉමු.."
මාව තව ටිකක් එයාට තුරුලු කර ගන්න ගමන් එයා ඒ ටික කිව්වෙ.. දැන් නම් මට හුස්ම ගන්නත් බෑ..

" ඒත් ජිමින් මම මේ ඊයෙ ඇදුම පිටින්.. මම යන්නම්.."
ඊයෙ කිව්ව දේවල් එකින් එක මගෙ ඔලුවට එද්දි මට ඕනෙ උනේ ඉක්මනට එතනින් යන්න...

" please Han.. ටික වෙලාවක්.."
මමත් වෙන කරන්න දෙයක් නැති නිසා එහෙමම ඇස් පියා ගත්තා...

ඊයෙ උන දේවල් කල්පනා කරන ගමන් හිටිය මට අයෙත් නින්ද ගිහින්... ටිකකින් නැගිටලා බලද්දි ජිමින් හිටියෙ නෑ.. එයා වොශ්රූම් එකේ ඇති කියලා හිතුන නිසා මමත් ඉක්මනට නැගිට්ටෙ මගෙ අපාට්මන්ට් එකට යන්න..

විනාඩියට දෙකට මම මගෙ අපාට්මන්ට් එකට ඇවිත් කෙලින්ම ගියෙ වොශ්රූම් එකට.. මට ඒ වෙලේ ඇත්තටම ඕනෙ වුනේ කූල් වොශ් එකක්..

ඇතුලට ගියපු ගමන් මම මිර එක ඉස්සරහට ගිහින් මූන ටිකක් හොද ගත්තෙ මත් ගතිය තවමත් ටිකක් තිබුන නිසා..
ඒත් මිර එක දිහා බැලුවම මම දැක්ක දේ නිසා මම පුදුම උනා..

මගෙ dress එක off shoulder නිසා මගෙ උරහිස හොදටම පේන්න තිබුනෙ.. ඒත් බෙල්ලෙ උරහිසේ හැම තැනම රතු පාට දම් පාට මාක්ස්...

" දැන් කෝමද අද ඉදන් ජිමින්ට face කරන්නෙ... යා මෝඩි මොනාද ඒ කියෙව්වෙ... මොකටද එච්චර බොන්න ගියෙ.. දැන් හරිනෙ..."

මම මිර එකෙන් මම දිහා බලන් මටම කියා ගත්තෙ මම එක්කම ඇති උන තරහට... මම ඒ හැම දේම කල්පනා කරන ගමන් පැය එකහමාරක් විතර ශවර් එක යටට වෙලා හිටියා.. ඒත් මම එක තීරනයක් ගත්තා... අදින් පස්සෙ drinks නම් ගන්නෙ නෑ...

මම වොශ් කරන් කිචන් එකට එද්දිත් 9 විතර වෙලා තිබුනෙ.. කෑම ගන්නවත් මූඩ් එකක් කිබුනෙ නැති නිසා මම කම්පැනි එකට එන්න එලියට ආවෙ ජිමින්ව නම් මීට් වෙන්න එපා කියලා හිතන ගමන්...

මම කා පාක් එකට එද්දි එයාගෙ කා එකත් එතන තිබ්බා.. පැසේන්ජර් ශීට් එක ඉස්සරහ පේලියට මම හිස් කරපු බියර් කෑන්... මම ඉක්මනට එතනින් කා එකත් අරන් එලියට ආවෙ අද ක්ලයන්ට් එක්ක වැඩේ ඉවර උන ගමන්ම ආයෙත් ඉක්මනට අපාට්මන්ට් එකට එන්න....

............෴..........෴..........෴.........෴.......෴.....

මේක ටිකක් ශොට්... අද උදෙත් දිගම දිග දෙකක්ම දුන්න නිසා අදට මේ ඇති... මට බැනපු මගෙ යාලුවෝ දෙන්නට මොක මගෙන් Special gift එකකක්...❤️

Again 2 ( completed) / lovestory/ PJM / sinhalaWhere stories live. Discover now