🍁අනූ නමවන දිගහැරුම🍁

732 138 14
                                    

දෙවියෝ දෙනකොට දෙන්නේ බෝනස් පිටින් කියල කිව්වට ඒ දේවල් යනකොට යන්නෙ රොත්ත පිටින්මයි කියල මට හිතුනෙ ගත වෙලා ගිය සතිය නිසා.....

ජිවිතේ මම ගත කරන දුෂ්කරම කාලය මේක වෙන්න ඇතියි කියල මේ සතියට මට දහස් වතාවක් හිතුනා.....

නිමක් නැති කෙළවරක් නැති ප්‍රශ්න ගොඩක් මගේ ඔළුව උඩ ගොඩ ගැහිලා තියෙද්දි ඒව එකිනෙක තෙරපිලා තෙරපිලා මට දැන් දැනුනෙ හුස්ම ගන්නත් අමාරු හැගීමක්......

කිසිම දේකින් මට පොඩි වත් සැනසීමක් ගෙනත් දුන්නෙ නැහැ.... එක පැත්තකින් මගේම අනාගතේ ගැන මට දැනෙන අවිනිශ්චිත හැගීම.......

මට ඒක වචනයෙන් විස්තර කරන්න අපහසු හරිම අමාරු හැගීමක්..... රිසාල්ට් අවුට් උන දවසෙ මගේ ඇස් වල අඩන්න කදුළු තිබුනට රැය එළි උනාට පස්සෙ මට අඩන්න කදුළු වත් ඉතුරු උනේ නැහැ.... පැත්තකට වෙලා මුල්ලක් අල්ලන් තුන් වේලම කල්පනා කරනවට වඩා අඩන එක ඔයිට හොදයි කියල මටත් හිතුනා....... මට දැනුනෙ මගේ මුළු ජිවිතේම කඩන් වැටුනා වගේ හැගීමක්....

ඉස්සරහට යාගන්නත් බැරුව අඩියක් පිටිපස්සට අරගන්නත් බැරුව එක තැන මම හිර වෙලා වගේ කියල මට දැනෙද්දි මම මේ සතියම ගෙව්වෙ කොහොමද කියල මටවත් හිතාගන්න බැහැ.....

පිටින් බලන් ඉන්න මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද ? සිත්තප්පා කියනව අතැරල දාන්න කියල .... මන් කොහොමද එහෙම අතැරල දාන්නෙ... මන් ජිවිතේට ලන් කරගත්තෙ අතහැරල දාන්න පුලුවන් වීදියෙ හීනයක් නෙමෙයි.... ඒලෙවල් කාලෙ ඉදන් ඒ දේ මම මගේ ලේ වලටම අරගෙන ඉදියෙ.... එක්සෑම් කාලෙ කවුරු උනත් ආ දැන් දොස්තර නේද කියල අහද්දි ලැජ්ජාවෙන් නෑ නෑ කිව්වට හිත ඇතුලෙ ඒක හදවතටඅ කා වැද්දිලා තිබුනෙ..... එහෙම දෙයක් මම ඒ පිම්මට අතැරලා දාන්නෙ කොහොමද ?

කේතකී අක්කා නම් කියන්නෙ වෙට් යන්න කියල ..... මට මෙතන තියෙන ප්‍රශ්නෙ මට එන්නෙ වෙට් කියන එක නෙමෙයි.... මට ඕනෙ මෙඩිසින්..... වෙට් නෙමෙයි...ඒකයි මට තියෙන ගැටලුව..... වෙට් , ඩෙන්ටල් කොච්චර හොදද ..... ඒක මම නොදන්නව නෙමෙයි..... ඒත් හිත අතන තියෙද්දි මම කොහොමද මෙඩිකල් එක පාස් කරන් වෙට් යන්නෙ....?

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now