🍁සිය වන දිගහැරුම🍁

926 147 61
                                    

හරියටම වෙලාව උදේ දහයයි කාල වෙද්දිම මන් අනුක් අයියලගෙ ගෙවල් පාර ළගින් බැහැගත්තා.... පාර පැනල මන් එහෙන්මම ඇවිදන් ආවෙ අනුක් අයියලගෙ ගෙදරට යන පාර දිගේ ඉස්සරහට.... මේ පාර දිගේ ඇවිදගෙන යද්දි තමයි මට දැනෙන්නෙ අපි ඉන්නෙ තාම ඔය කියන තරම් දියුණු වෙමින් පවතින රටකද කියල ?

මට වඩා දෙගුණයක් විතර උස තාප්ප දිහා බලන් මන් හෙවණ ගස් යටින් වැටුන පාරක්දිගේ ඉස්සරහට ඇවිදන් ගියා.... වෙනද වගේ නෙමෙයි.... මට හරිම හිස් හැගීමක් දැනෙනව...  ඒ හැගීම නැති කරගන්න මන් මොනවද කරන්න ඔනෙ කියල මට තේරෙන්නෑ....

පාරෙ ටිකක් දුර ඇවිදන් ගියාට පස්සෙ ලොකු කළු පාට ගේට්ටුවක් දාපු සුදු පාට තාප්පයක් තිබ්බ ගෙදර තමයි අනුක් අයියලගෙ ගෙදර උනේ.....

No.13
Cinnamon garden
Colombo 07

මන් එතන තිබුන බෙල් එක රින්ග් කරල  අනුක් අයියලගෙ ගෙදර තාප්පෙ පුරා විහිදිලා තිබුන බෝගන්විලා ගහ දිහා බැලුවා...ඒ ගහේ කද තිබුනෙ අනුක් අයියලගෙ ගෙදර වත්ත ඇතුලෙ.... අතු ටික සේරම තාප්පෙ උඩින් ගිහින් පාරට නැමිලා තිබුනේ...ගහේ කොළ වැහෙන්න තද රෝස පාටක් තිබුන බෝගන්විලා මල් පිපිලා හරිම ලස්සනයි .......

අනුක් අයියලගෙ ගෙදර තිබුනෙ සාමාන්‍ය ප්‍රමාණයේ වත්තක්.... ඒ උනාට ඒ වත්ත ඇතුලෙ බෝගන්විලා පැලේ ඇරෙන්න වෙන කිසිම මල් පැලයක් තිබුනෙ නැහැ.....ක්‍රැක්ටර්ස් ජාති කිහිපෙකුත් තිබුනා අතරින් පතර....... උවමනාවෙන් බැලුවොත් ඒක හොදට පේනව... එකේට ජාතියේ පාට පාට ගස් තිබුනට මල් පිපෙන ගස් නම් ඇත්තෙම නැතිතරම්..... ඒ උනාට මට නම් හිතුනෙම මල් ටිකක් පිපෙන ගස් වගයක් ඉන්දුවා  නම් මේ වත්ත කොච්චර ලස්සනට තියේවිද කියල ...එච්චරටම ලොකු වත්තක් නොවුනත් පොඩිපොඩියට බෙන්චස් එහෙම දාලා ලස්සනට හදල තිබුනා......

සමහර විට වැඩත් එක්කලා අනුක් අයියලට ගාර්ඩිනින් වලට වෙලාවක් නැතුව ඇති....  කොහොමත් සතියෙ දවස් පහම වගේ අනුක් අයියා කැම්පස් යනව ඇතිනෙ..... හස්බන්ඩ් උනත් ඔෆිස් ගියාට පස්සෙ ඉතිං ඕව අර පොඩි පගයා කරන්න යැ......

මන් දෙවෙනි වතාවටත් බෙල් එක රින්ග් කරල පොඩ්ඩක් මෙහාට වෙලා තාප්පෙ අයිනෙම හැදිලා තිබුන ජම්බු ගහ දිහා බැලුවා..... හිතුවත් වගේ එකේ රතූ පාටට පිනි ජම්බු ගෙඩි බැබලෙනව....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now