Chapter 1

399 39 11
                                    


" පැටියෝ.... පැටියෝ... ඇහැරෙන්න පැටියෝ... "

සෑම උදෑසනකම !
සෑම උදෑසනකම යීබෝ අවදිවන්නේ මේ හඬ නැගීමටයි. වචන, ස්වරය ඒ වගේම හිස මුදුනෙන් ලැබෙන හාදුව සෑම විටම මිහිරිය. ස්පර්ශය හා කටහඩ පමණක් නොව දිගු ඇහි පිළි අතරින් එබී බලන කළු දෑස් යුගල ද අඩ සඳක් සේ වක්‍ර වූ තොල් මතින් පැමිණි ඒ සොඳුරු මදහසරැල්ලද මිහිරිය. මෘදුය.

යීබෝ ගෙ නිකැළැල් මුහුණට එබී බලන ඒ සොඳුරු මිනිසාගේ බැල්ම අනේකවිද මවිතයන්ගෙන් පිරී තිබුණේය.
එය රැකවරණය , ප්‍රීතිය , ගෞරවය , බොළඳ අයිතිකාරී හැඟීම සහ නිමක් නොවූ ආදරයේ සම්මිශ්‍රණයක් විය.

" ගුඩ් මෝර්නින් පැටියෝ. ආ.. මේක බොන්න. "

යීබෝට ඇඳ මත ඉඳගැනීමට උදව් කරන ඔහු හොඳින් රත් කර පරිස්සමට නිවාගත් කිරි වීදුරුව යීබෝගේ අතේ තබන්නේය.

කට පිච්චෙන්නෙ නැති තරමට නිවා තිබූ ඒ කිරි වීදුරුව යීබෝ නම් උගුරෙන් පහළට යවන්නේ කිසිම ප්‍රතිචාරයක් වත්, සිනහවක්වත් නොපෙන්වමිනි. ඇත්තම කීවොත් උදෑසන අවදිවන සෑම විටම යීබෝ සිටින්නේ මෙලෙස ඈලි මෑලි ගතියකිනි. කා සමගවත් කතා කරන්න අකමැති වන ඔහු , සිනාසෙන්නත් අකමැති වන ඔහු ඇඳෙන් නැගිටීමට බොහෝ අප්‍රිය කරති. ඉතින් ඔහු මයිල් පුම්බා ගත් පූස් පැටියෙකු ලෙස පෙනෙන්න ගන්නේ නිරායාසයෙනි.

ඒ පූස් පැටියා නැවත මනුෂ්‍ය පැටියෙක් බවට පත්කරන්නේ ඔහුගේ ස්වාමිපුරුෂයා විසින් පිළියෙල කරන මේ කිරි වීදුරුවයි.

හැබැයි අද නම් වෙනදාටත් වඩා ඈලි මෑලි ගතියකින් යීබෝ පෙලෙයි. බොහෝ විට ඊට හේතුව විය හැක්කේ පෙරදා රාත්‍රියේ ඔහු දකින ලද බියසුන සිහිනයයි.

යීබෝගෙ පරිකල්පනය කවදත් අතිශය නිර්මාණශීලීය. ඒ නිර්මාණශීලීත්වය ඉබේම ඔහුගේ සිහිනවලටද පැමිණ තිබුණි. ඔහු සිහින දැක්කා කීමද වඩා නිරවද්‍ය නොවන්නේය. නිරවද්‍ය වන්නේ ඔහු මනසින් චිත්‍රපටි නිෂ්පාදනය කරන වගයි.

යීබෝගේ සිහිනවලට පැහැදිලි ආරම්භයක්, ගලා යන කතා වස්තුවක් සහ ප්‍රීතිමත් අවසානයක් තිබෙන්නේය. එසේම ඒ බොහොමයක්ම යීබෝ ප්‍රධාන චරිතය ලෙස මුහුණ දෙන වික්‍රමයන් වටා ගෙතී තිබුණි. ඒවා වල බයවෙන්න දෙයක් තිබෙන්නේ නැත. රණශූර වන්ග් යීබෝ නපුරන් පරාජය කොට වික්‍රමයන් දිනන්නේය. ප්‍රීතිඝෝෂා කරනවා මිසක් බිය වන්නට නම් දෙයක් ඇත්තේම නැත.

චන්ගා සුරදූතයෙක් නෙවෙයි...!!!Where stories live. Discover now