🍁එකසිය හතරවන දිගහැරුම🍁

1.7K 423 262
                                    

වචන 6391 ..... 🙂 කමෙන්ට් එකකින් සාධාරණයක් කරන්න කියල ආදරෙන් ඉල්ලනව....මන් දන්නව මේ කොටස් ඔයාලට කම්මැලී කියල .... ඒත් ඉතිං කතාව වෙනස් කරල කතාවෙ ලස්සන  නැති කරල වැඩක් නෑනේ...බාධක මැද්දෙන් ගගක් ගලනකොට තමයි ලස්සනම.....

.
.
.
.
.
.
🌄🌄🌄🌄

" තුන්වන වේදිකාවේ නවත්වන ලද දුම්රිය මරදාන දක්වා පමණයි......
තුන්වන වේදිකාවේ නවත්වන ලද දුම්රිය මරදාන දක්වා පමණයි........"

" දෙවන වේදිකාවට පැමණි ගාලු කුමාරි සීඝ්‍රග්‍රාමී දුම්රිය නවත්වන්නේ රත්මලාන , පානදුර , දකුණු කළුතර , අළුත්ගම , අම්බලන්ගොඩ සහ ගාල්ල පමණයි...... "

කන් දෙක පිරෙන්න ඇහෙන අනවුස්මන්ට් එක්ක මන් පෙට්ටියේ ඉදිය සේරම කට්ටිය බැහැලා ගියාට පස්සෙ අන්තිම මොහොතෙ යාල් දේවි ට්‍රේන් එකෙන් බැස්සෙ ඇගට පණ නැති ගතියකින්.....

වෙලාව උදේ දහය යාන්තමට පහු වෙලා තීද්දි මට අඩියක් තියල අඩියක් යා ගන්න වත් පුලුවන් කමක් නොතිබුනේ පාට්ටිගේ හපන්කම් නිසා.....

එවෙලෙ කටට ආව නිසා මුරණ්ඩුකමට කිව්වට මොකද පාට්ටි ඒක මෙච්චරටම සිරියස් ගනී කියල හිතුවෙ නෑ.....අනික මෙවෙලෙ ඇත්තටම මට ඔය මගුලෙන් ඇති වැඩක් නෑනේ........

නළලේ තිබුන දාඩිය බිංදු පිහිදගෙන මන් එතන බෙන්ච් එකෙන් ඉදගත්තෙ එළියට යාගන්නව කෙසේ වෙතත් ඊට කලින් වතුර උගුරක් බොන්න ඕනෙකමට......

ඊයෙ පාට්ටි කළේ මොකද්ද කියල නොදන්නව උනත් මගේ ඇගට නම් හොද ෆිට් එකක් තිබුනෙ නැහැ..... ඒත් අද දවස ගෙදරට වෙලා ඉන්න මට පුලුවන්කමක් තිබුනෙ නෑ...... අයියගෙ අම්මා විදියට කොහොම උනත් මිස්ට මම හරි ආදරෙයි ...... මිස් මම නිසා ලෙඩ ඇදක වැටිලා ඉද්දි මට.....ඒක හරි අමාරුයි.......

වතුර බෝතලේම බීගෙන ගිහින් මන් ලොකු හුස්මක් ගත්තෙ ඇගට පණ ආවා වගේ දැනෙද්දි..... මට උදේ ඉදන් උණ තිබුනා..... ට්‍රේන් එකේ එන ටිකට උණ ටික ටික අඩු වෙලා දාඩිය වැක්කෙරෙන්න ගත්තා....දැන් ආයෙ ටිකක් උණ ගන්න වගේ.......

මන් අද මේ ගමන එද්දි ගෙදර මිනිස්සු නම් පොඩ්ඩක් වත් කැමති උනේ නැහැ...... අපේ අම්මා මට එන්න දුන්නෙම නැති තරම්..... පොඩි කාලෙ ඉදන්ම ෆිට් එක තිබුන නිසා එයාලා සෑහෙන්න බයයි මට උණ හැදෙනවට...... ඒත් මට විශ්වාසයි මේක එහෙමට හැදුන උනක් නොවෙන නිසා අවුලක් වෙන එකක් නෑ වැඩේ ශේප් කියල .......

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now