🍁එකසිය හයවන දිගහැරුම🍁

1.5K 420 167
                                    

" මොකද මේ බොගේ ඇස් රතුවෙලා.... ගොරක ලොඩි දෙකක් වගේනේ ශුඩු චුටියෝ......"

උදේ අටයි ගානකට ටවුන් එකෙන් නවත්තපු කොළඹ - යාපනේ බ්ස් එකෙන් බැහැලා ඒ හරියෙම නවත්තල තියපු සිත්තප්පගෙ වාහනේට ගොඩ උනාට පස්සෙ සිත්තප්පා ඇහුවෙ මන් ලාවට හිනාවෙලා වාහනේ දොර වහද්දි....

" මුකුත් නෑ..... නිදිමතයි..."

" දැන් මාත්තයගෙ අම්මට මොකද ?"

සිත්තප්පා ඇහුවෙ වාහනේ පාරට දාන ගමන්.....

" මිස් හොදින්....."

ෂටර් එකෙන් එළිය බලාගෙන මම කිව්වෙ සිත්තප්පා කල්පනාකාරීව මගේ දිහා බලද්දි.....

එතනින් එහාට ගෙදරට එනකන්ම නිහඩව ඉදපු මන් සිත්තප්පා වාහනේ වත්තෙන් නවත්තපු ගමන්ම බැහැලා ගෙට යන්න ගියත් සිත්තප්පා උගුර පෑදුවා....

" උඹ ප්‍රශ්නෙක ඉන්ඩෙ..... ඕවා හිතේ හිර කරගෙන ඉන්නැතුව එක්කො අම්මා එක්ක හරි මාත්තයා එක්ක හරි කියපන්.....ඒ නැත්තන් මන් එක්ක හරි ....."

සිත්තප්පා කිව්වම මන් ලොකු හුස්මක් ගත්තා....

" යන්කො ගෙට..... මට ඔයාලට කියන්න දෙයක් තියෙනව...."

මන් එහෙම කියල ගෙට යද්දි සිත්තප්පත් මගේ පස්සෙන්ම ආවා...... අද ගෙදර ඉදියේ සිත්තප්පයි , අම්මයි , පාට්ටියි විතරයි ...... මට හිතුනා මේක කියන්න සුදුසුම වෙලාව දැන් තමයි කියල .....

මන් ගෙට ගිහින් සෝපාවෙන් ඉදගනිද්දි චූටි පැටියට පොඩි ගවුම් පොඩ්ඩක් මහල ඒකට අතෙන් හැඩට මලක් මහමින් උන්න අම්මත් මන් දිහා බැලුවා.....

පාට්ටි නම් ඉදියෙ සාලෙ කොනක ඉදන් පොතක් කියවන ගමන්......

" අම්මේ....."

අම්මට කතා කරල මන් දොරෙන් ඇතුළු වෙන සිත්තප්පා දිහාත් ඇස් කොනෙන් බැලුවා.....

" අම්මේ...... මගෙයි... අයියගෙයි සම්බන්ධෙ ඉවරයි....."

අම්මා ඉදි කටුව අතේ තියන් බලාගෙන ඉද්දි සිත්තප්පා මගේ ළගින් ඉදගත්තෙ ඒක ගනන් නොගෙන...... සාමාන්‍යෙන් ඉතිං ලව් කරන එවුන් දෙන්නෙක්ගෙ සම්බන්ධෙ කී වතාවකට ඉවර වෙනවද..... අතේ ඇගිලි ගානට ඕවා උනා උනත් උන් ආයෙ කොහොම කලත් එකටනේ..... සිත්තප්පා මෙවෙලෙත් හිතන්නේ ඒ විදියට කියල මම දන්නව.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now