01 කොටස

159 10 61
                                    

" මොනාද පගෝ ඔය එබි එබි බලන්නෙ..."

කියාර මගෙ කනට කරලා හෙමිහිට ඇහුවෙ මම බිම ඉදගෙන බෙල්ල දික් කරන් පන්සලෙ බන ශාලාවෙ ඉදන් ඈතින් පේන පොඩි කැලෑ පාර දිහා බලන් ඉන්න නිසා වෙන්න ඇති...

අද ඉරිදා දවසක්..මමයි කියාරයි දෙන්නම දහම් පාසල් ආවෙ ගෙදර මිනිස්සු කනෙන් ඇදන් දහම් පාසලට ගෙනල්ලා දාපු නිසා...මම කියාරයි ඉන්නෙ මේ ගමෙ නෙවෙ..අපි ඉන්නෙ මේ ගමට අල්ලපු ගමෙ...අපෙ ගමෙ පන්සලක් තිබ්බට ඒකට පන්සලක් කියන්න සුදුසු නෑ...ඒ නිසා ගෙවල් වල මිනිස්සු මාවයි කියාරවයි මේ ගමෙ පන්සලට ගෙනල්ලා දැම්මෙ දෙක වසරෙදි...ඇත්තටම කියාර නම් ආවෙ හය වසරෙදි මේ දහම් පාසලට..මම නම් දෙක වසරෙ ඉදන් මේකෙ තමා..

" පකො නටන්නැතුව ඉදපන්කො තොවයි මාවයි ඉස්සරහට අරගනි ලොකු හාමුදුරුවො..."

මූගෙ ආච්චිට හාල් ගරන්න පන්සලට ඇවිල්ල කුනුහර්ප නොකියා ඉන්න බැනෙ..මට මගෙ සීලෙවත් රැකගන්න නෑ...අපි කට්ටියම හිටියෙ උදෙ රැස්වීමෙ....දහම් පාසල්වල අර තියෙන්නේ මල් පුජා කරලා එහෙම ගාතා කියලා වෙනම සීන් එකක් උදෙන්ම...අන්න ඒ අවස්තාව මේ...මම මේ බලන් ඉන්නෙ දේව් එනකල්...ආහ් දෙව් කියන්නෙ මගෙ හොදම යාලුවෙක් නම් නෙවෙ...නිකම් යාලුවෙක්...දෙව්ගෙ අම්මා තමා අපිට දහම් පාසලෙදි පොඩි කාලෙ ඉගැන්නුවෙ...අන්න ඒ නිසා තමා දෙව් මට සෙට් උනෙ..හැබැයි දෙව් කියන්නෙ ටිකක් වෙනස් චරිතයක්..දැන් නම් ලොකු හාමුදුරුවො තමා උගන්නන්නෙ..

" කියාර.."

" ඇයි බල්ලො..."

" දෙව් තාම නැනේ...."

" ඌ පන්සලට අල්ලපු වැටෙ හිටියා කියලා දහම් පාසලට කලින් ආපු එක දවසක් කියපන්කො මට...."

ඒකත් හැබෑව...දෙව්ගෙ ගෙවල් තියෙන්නේ පන්සලට අල්ලපු වැටෙ...එත් ජිවිතෙට කලින් එන්නැ...ඌ එනකොට උදෙ රැස්විම ඉවර වෙලා ලමයි පන්ති වලට යන්නත් ලෑස්ති වෙනවා..එත් මම ඇයි හැමදාම මූ එනකල් බලන් ඉන්නෙ...වැඩිය මා එක්ක කතාවකුත් නෑ...පොඩි කාලෙ නම් මම දෙව් එක්ක සෙල්ලම් කරනවා දහම් පාසලෙදි..එත් ටික ටික ලොකු වෙනකොට ඌ වෙනම මම වෙනම....එත් මේ පගයා එනකල් මම බලන් ඉන්නෙ ඇයි කියලා තමා මට හිතාගන්න බැරි....පොඩි කාලෙ පුරුද්දට වෙන්න ඇති..

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now