02 කොටස

72 9 43
                                    

ලොකු හාමුදුරුවො දානෙට වැඩපු නිසා මම අපිට වඩා වැඩිමල් අයියා කෙනෙක් එක්ක චෛත්‍ය පිටිපස්සට ගියෙ වෙරලු ගෙඩියක් කඩන් ගන්න..චෛත්‍ය පිටිපස්සෙ තමා දෙව්ගෙ කිරිඅම්මලගෙ ගෙදර තිබුනෙ..වෙරලු ගහ තියෙන්නේ දෙව්ගෙ කිරි අම්මගෙ ඉඩමෙ මායිමෙ වගෙ..ඒ නිසා වෙරලු ගෙඩ් ඔක්කොම වැටෙන්නෙ පන්සලෙ ඉඩමට..දහම් පාසල් එන ලමයි ඉතින් ඔවා අහුලන් කනවා..

" මියොන් මල්ලි..."

" ඕ අයියෙ.."

" උබෙන් අහන්න හිටියෙ.."

" මොකද්ද.."

" උබලගෙ ස්කොලෙ ජානු කියන උබලගෙ වයස කෙල්ලව දන්නවද...."

අප්පට මේ අහන්නෙ මගෙ කෑල්ල ගැනනෙ..එකිව කොහොමද මූ දන්නෙ..සෙනුල් අයියා ඒක අහනකොටම වගෙ දෙව්ත් එතනට ඇවිල්ලා මම ලගින් වාඩි උනා..

" දන්නවා අයියෙ..මොකො සීන් එක.."

" එකි සෙට් මගෙ යාලුවෙක් එක්ක...ඌ කිවා පොඩ්ඩක් එකි ගැන හොයලා බලන්න කියලා.."

හම්මට ආයෙත් වට බඩ්ඩකට කර ගැහුවා නෙද මියොන් උබ..විලි ලැජ්ජයි...උබ මට නෙද ජානු මෙහෙම කරෙ..දෙන්නම් බෙසික කෙල්ලට මම...

" මොකක් කිවා අයියෙ..ඔකි අවුරුද්දක් තිස්සෙ මා එක්ක හිටියෙ...ඔකි මගෙ කෑල්ල.."

ඒක කියලා ඉවර වෙන්න කලින් මට එහා පැත්තෙ හිටපු දෙව්කාරයා වෙරලු ගෙඩිය හිර කරන් මැරෙන්න හැදුවා..මම අත දිග ඇරලා ඌගෙ පිට මැදට එකක් කෙලියාම තමා හරි ගියෙ..

" අඩොහ් මියොන් සිරාවටම ඒ උබෙ කෙල්ලද.."

" මේ වෙනකල් මගෙ තමා...හැබැයි දැන් නම් නම් ඒ වට බඩ්ඩව ආව් දේව්......"

කියන්න ගිය එක කියාගන්න බැරි උනෙ දේව් මගෙ ඔලුවට එකක් දිලා ඇදපු නිසා..මොලෙත් එක්ක හෙල වුනා..

" කෙල්ලක් මොන වරද කරත් කමක් නැ කෙල්ලක්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගනිම් මියොන් එකෙන් උබෙ වැදගත්කම පෙන්නෙ..."

" හම්මට ගෞරවෙ දෙන්නම වටින එකියක්නෙ මේ..අනෙහ් මෙ දෙව් උබ දන්නැනෙ ඔය ගැනුන්ගෙ හැටි.."

මම දෙව්ට රවලා එතනින් නැගිටලා බිම වැටිලා තිබ්බ වෙරලු ගෙඩියක් අහුලන් ඒක මගෙ පස්සෙ පිහදලා කටෙ දාගත්තා..

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now