04 කොටස

65 9 22
                                    

ස්කොලෙ වැඩයි ක්ලාස් වල වැඩයි එක්ක සතියක් ගෙවිලා ගියා..සදුදායින් පටන් ගන්න සතිය ගෙවිලා යන වේගෙ මටම හිතාගන්න බෑ..උදෙම නැගිටිනවා ස්කොලෙ යනවා ක්ලාස් යනවා ආයෙම ගෙදර එනවා පාඩම් කරනවා නිදාගන්නවා අයෙම උදෙ නැගිටිනවා ඔය විදිහට සතියෙ දවස් පහ ගෙවිලා යන්නෙ එක හුස්මට..සෙනසුරාදා විතරක් නිදහසෙ ගෙදර ඉන්නවා..එත් ඉතින් පාඩම් කරන නිසා නිදහස ලෙෆ්ට් වෙනවා..ඉරිද ඉතින් දහම් පාසල්නෙ..
මේ සතිය අතුලත මට දෙව් කියන පිස්සගෙන් කොල් එන්න ඇති සියකට වඩා..ඌ පැයෙන් පැයට කොල් ගන්නවා..මොකද කරන්නෙ අහලා කොල් එක කට් කරනවා..මහ පාන්දරත් කොල් කරලා මොකද කරන්නෙ අහලා නිදිමරන්න එපා කියලා කොල් කට් කරනවා..

අද ඉරිදා දවසක්..මම ගෙදරින් එලියට බැහැලා පාරටවෙලා හිටියෙ කියාර එනකල්..පරයට කොච්චර කිවත් වැඩක් නැ වෙලාවට වැඩක් කරන්න දන්නෙ නැති මේ වගෙ ගල් මූසලයෙක් එක්ක ඉන්න මට ගහන්න ඕන..අප්පටසිරි ඊයෙ රෑ දෙව් දාලා තිබ්බ මැසෙජ් එක සීන් කරන්න බැරි උනානෙ මට. මොනාද දන්නැ කියල තිබ්බෙ..අද දහම් පාසල් එන්නැ කියලද දන්නැ..අයියො එහෙම වෙයිද..යකො ඌ ආවා කියල මා එක්ක ඉන්න එකක්ද..පොත් ගුල්ලා වගෙ හැමදාම ඉස්සරහම ඩෙස් එකෙ වාඩි වෙනවා ආයෙ නැගිටින්නෙ ඉන්ටවල් එකට..

" අඩොහ් සමාවෙයන් පොඩ්ඩක් පරක්කු උනා..."

පරයා පොඩ්ඩක් ද පරක්කු උනෙ..

" තො දැන් ආවෙ නැත්නම් දාලා යන්න හිටියෙ..වරෙන් යන්න.."

මම කියාරගෙ ඔලුවට එකක් ගහලා සරමත් පොඩ්ඩක් උස්සන් දහම් පාසලට එන්න ආවා..ටිකක් පරක්කු උන නිසා ආපු බස් එකෙම නැගලා රුපියල් දහයක් දිලා ඊලග හොල්ට් එකෙන් මායි කියාරයි බැස්සා..මේ පරයා වෙලාවට ආව නම් ඒ රුපියල් දහයෙන් හවසට අයිස් එකක් කන්න තිබ්බා..

මමයි කියාරයි වෙනදා වගේම පන්සල ඇතුලට ගිහින් සෙරප්පු දෙක ගලවලා අබ ගහ මුලින් තියලා බැග් එකත් අරන් බන ශාලාවට ගියා..බෑග් එක බන ශාලාවෙ කෙලවරෙන් තියලා එලියට බහින්න යනකොට මම දැක්කා ලොකු හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉන්න දෙව්ව..මා මේ දකින්නෙ ස්වප්නයක්ද.මූ මොකද අද කලින් ඇවිල්ලා... අපි එනකොට පන්සලෙ ලමයි හිටියෙ නෑ වැඩිය..හිටපු අයත් තැන තැන වැඩ..කෙල්ලො ටික මල් වට්ටි හදනවා. කොල්ලො ටිකක් බෝ මලුව අමදිනවා..තව උන් ටිකක් තනකොල ගලවනවා..පොඩි ඇටයො ටිකක් පොඩි හමුදුරුවො එක්ක කයියක්..පන්සලෙ පොඩි හාමුදුරුවෝ අපෙ පොඩි එකාගෙ වයස..පව් චුටි කාලෙ ඉදන්ම හිටියෙ පන්සලෙ..අම්මලා තාත්තලා මතක් වෙන්නැද්ද දන්නැ..මට එහෙම නම් පිස්සු හැදෙයි..

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now