🍁එකසිය විසි වන දිගහැරුම🍁

3.2K 549 617
                                    

🍁 පිරිමියෙක් වෙච්ච මගේ දරදඬු හිතේ,
ආදරණීයම මනුස්සයෙක් හැංඟිලා උන්නු වග,
මටත් නොකියම හොයාගත්ත,
පිරිසිදුම පුංචි ආත්මය,
උඹ...

මගේ ජීවිතේ ගත්ත හුස්මක් පුරාවට
රිදුමක් නොදීම මං පරිස්සම් කරපු
එකම, ආදරණීයම පුංචි ආත්මය,
ඔව්,
ඒ උඹ...

මං වෙනුවෙන්,
උඹ නොහිටපු, මගේ උන් විතරක් හිටපු "අපි" වෙනුවෙන්,
අන්තිම ලේ බින්දුව වෙනකන්ම හිනාවෙලා අතාරින්න තරම්,
හයිය හිතක්, උණුවෙන හිතක් තිබුණු,
ශක්තිමත්ම පුංචි ආත්මයත්,
උඹ...

ආදරේ නම් අයිතිකර ගැනීමමද..?
වෛර නොකර, කඳුළු පුරවන් උනත් හිනාවෙලා වෙන් වෙන්නම බැරිද..?
පාරවල් දෙකක ගියත්,
ආයෙම හමු උනොත්,
"ඒ මං ආදරේ කරපු මනුස්සයා" කියල හරි ආසාවෙන් කියන්න පුලුවන් වෙන තරමට,
පරිණත ආදරයක් දීපු,
අමතක කරන්න බැරිම පුංචි ආත්මය,
උඹ...

කකුල් දෙක මැද බලලා ආදරේ සම්මතය හොයපු,
උඹව මගෙන් ඈත් කරපු "අපේ උන්" ගෙන්,
මමත් ඈත් උනේ,
"මම" සම්පූර්ණ උනේම "උඹ" ඉන්නකොට විතරක්ම නිසා...

එදා නැවතුන තැනම "හිත" තියන්,
වයසට ගියපු "ගත" අරන්,
තවමත්, මං බලාන ඉන්නේ,
අපිට අපි මගෑරුන, "අපේ කතාව",
ලස්සනම අකුරෙන්,
හයියට අමුණපු පොතක පිටු අතරේ,
ආයෙම,
අලුතෙන්ම ලියන්න පටන්ගන්න...

තිසෙව්ගෙන් අභූට...🥺❤️

🍁Gayathri_23 අක්කගෙන් ❤
.
.
.
.
.
.
.

🍁🍁🍁
අගහරුවාදා දවසකට ඉර පායද්දි උදෙන් නැගිටල සුදු අත් දිග ශර්ට් එකට කළු ට්‍රවුසර් එක ඇදල නිල් පාට පසුබිමක් තිබුන ටයි එක දාගත්ත මම කාර් එකේ කී එක අරන් ආවෙ පහළට.....

එදා සිද්ධියෙන් පස්සෙ දවස් දෙකක්  ගත වෙලා ගියා.... ඊයෙ උදේ අයියා වාහනේ එයාගෙ ගාඩ් කෙනෙක් ලව්වා මට අපාර්ට්මන්ට් එකටම ගෙනත් දුන්නා... ලොකු අවුලක් තිබුනෙ නැහැ අර කිව්වත් වගේ.....

හැබැයි එවෙලෙ වාහනේ ස්ටාර්ට් නොවෙද්දි නම් මගෙ පපුව හෝස් ගාලා ගියා...... කොච්චර දේවල් කොහොම උනත් අර මනුස්සයෙක්ට එයා මුලින්ම ගත්ත වාහනේ කියන්නෙ දාහෙන් සම්පතක් !

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now