සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 12 -

387 56 10
                                    


නෝට්වල තියෙනවා දැන් දැක්කෙ... හදයගෙයි ආරුශ්ගෙයි සම්පූර්ණ නම් දෙක තේරුම එක්ක මං හදලා තියෙන්නෙ ජනවාරි 15 😂🖤 ඔයාල අද වෙනකල් දැනන් උන්නෑ නේද.. හව් සෑඩ්.. සද්දෙට කියෝල  බලන්න, ආස හිතෙයි 😗 :

ආශ්මායූ සඳක් මිහිරිපැන්න - 19( meaning : moon & ray of light ) ( සීතල හඳක සඳකැන්වලින් එකක්... සරලව සිංහලෙන්.- " හඳ එලිය " )

ආරුශ් දිව්‍යාන්ශු ධර්මකීර්ති  - 21  ( sun & the divine rays of sun  ) (සූර්‍යයාගේ දිව්‍යමය රශ්මි මාලාව...පත වචන නැතුව කිව්වොත් " ඉර එළිය " )

තාත්තලගෙ නම්වලින් වැඩක් නෑනෙ 😒💔 ඒව නිකන් දැම්මෙ සුදුසුයි කියල හිතෙන විදියට.. 🖤


          ආරුශ් සඳක්ට ආරක්ශිත හිස්වැස්ම පැලදුවේ හිසකේ අවුස්සා අනතුරුව ය.

     " රිදුනද... ඇයි මැනිකෙ නිකන් ගුටිකන්නෙ? අයියගෙ පපුවටනෙ රිදෙන්නෙ ඔයා ගුටි කනකොට ඕම සතෙක් වගේ.. "

          " මගෙ කට හින්දා තමයි ඔක්කොම වෙන්නෙ.. " සඳක්ගේ තොල් නොපිටම පෙරලී ගොස් ය. එතරම් ගණ නොවන රැවුල් කොට වෙනදාට  වඩා ඇදී තිබුණි..

    සඳක් රැවුල වැවෙනවාට අකමැති ය. රැව්ල් කොට ඇනෙද්දී ඔහුට රිදෙන්නේය. ආරුශ්ගේ රැවුල් කොට නම් ඊට හාත්පසින් වෙනස් හැඟීමක් ඇති කළ ද ඇහැට යන්තම් පෙනෙන නොපෙනෙන ගානට වැවුන රැවුල ද ඔහුට මහත් පීඩාවකි.. නියපොතු වැදීමෙන් ම රෝස කම්මුල් තුවාල වන්නේය.

      නමුත් චූටි රැවුල් කොට ඒ හුරතල් මූණට පොඩි පිරිමිකමක් එක් කරයි.. එය ඊට වඩා හුරතලයකි.

       " අනේ, ඔයා මොකුත් එහෙම ලේසියකට ගනන් ගන්න කොල්ලෙක් නෙවෙයි සඳක්.. ඔය වැඩකට නැති - "

" ගණන් ගන්නැතිකම තමයි.. ඒම කියවද්දි ඔයාටත් බැරි වුණානෙ මගෙ කට කැඩෙන්න දීල දාන්න අයියෙ.. ඔයා වැඩිහිටියෙක්.. මිනිහා වුනත් එච්චරයි. ගරු කරල කතා කරන්න බැරිනම් මට තිබුණා වැඩිහිටියෙකුට කැමැත්ත නොදී ඉන්න. "

     " සඳක්.. මැනික දැන් ඕක ඇති- "

" ඔයාගෙ අම්මා කවදාවත් අපේ අෆෙයා එකට හා කියන්නෑ.. මගෙ මූසල මුස්පේන්තු කටට හෙන ගහන්න එයා හා කියන්නෑ ජීවිතේට! "

 බෝපතක පිනි කඳුලු ❦( MalexMale | සිංහල | Complete   )Where stories live. Discover now