🍁එකසිය විසි තුන්වන දිගහැරුම🍁

3.3K 508 371
                                    

ඇගේ පතේ මහන්සිය නිසාම ඇදට වැටුනා විතරයි මට ඒ වෙලාවෙ නින්ද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇගේ පතේ මහන්සිය නිසාම ඇදට වැටුනා විතරයි මට ඒ වෙලාවෙ නින්ද ගියා..... කොහොම උනත් මන් ආයෙ ඇස් ඇරියෙ බැල්කනි එක පැත්තෙන් ඇහුන කුරුල්ලෙක්ගෙ සද්දයක් නිසා...... ඇස් පොඩි කරමින් මන් ඒ දිහා බැලුවෙ බැල්කනි එකට විවර උන දොර උඩ හිටගෙන ඒකා කෑ ගහද්දි....

ඌ දිහා බලන් ඉදිය මගේ දෙඇස් ආයෙ පියවෙන්න ගියත් මන් ඈනුමක් ඇරල ආයෙ ජනෙලෙන් එළිය බලන් ඉදියෙ මගේ එහා පැත්තෙ නිදාගෙන උන අයියගෙ හුස්ම හඩ හරිම සාමකාමීව ඇහෙද්දි....එයා තවම නිදි...... සේලයින් එකෙනුත් බාගයක් වගේ ඉවර වෙලා තීන්නෙ.....

ඇස් පොඩි කර දාලා මන් ජනෙලෙන් එළිය බලාගෙන ඉදියා.... මෙක අයියාගෙ කාමරේ..... ඒක තිබුනෙ ගෙදර දකුණු පැත්තට වෙන්න.... එතන එහා පැත්තෙ තිබුනෙ එහා ගෙදර තාප්පෙ..... එතන හරි ලස්සනයි.... එහා පැත්තෙ ගෙදර තිබුන කොළ පාට කොල තිබුන රතු පාට මල් පිපුණ ගහක විශාල අත්තක් ගෙදර පැත්තට වැටිලා තිබුනා....එකෙන් තමයි කාමරේ බැල්කනි එක හෙවණ උනේ....ඒක හරි ලස්සන සීනරි එකක්....හිත නිවෙනව වගෙ !

සුසුමක් පිට කරල මන් ෆෝන් එක අරන් වෙලාව බලද්දි හතට කාලයි...

ආහ්! හතට චැනල් එක....

කොණ්ඩෙ පස්සට අවුල් කරගෙන මන් ඇදේ ඉදගත්තා... මන් ආයෙ අයියා දිහා බැලුවත් එයා නිදි කියල දැක්ක නිසා මන් සද්ද නොකර ඇදෙන් බැහැලා බාතෲම් එකට ගිහින් මූණ පොඩ්ඩක් සෝදගෙන ශර්ට් එක පිළිවලට යට කරගෙන ටයි එක දාගත්තා....

කණ්නාඩි මෙසෙ උඩ තිබුන අගාර් පර්ෆියුම් එකෙන් පොඩ්ඩක් ස්ප්‍රේ කරගෙන ඒක ආයෙ එතනින්ම තියන්න ගියත් මන් ආයෙ ඒක අතේ තියන් බලන් ඉදියා.... මන් හිතන්නෙ මන් එයාව ආශ්‍රය කරන්න ගත්ත එදා ඉදලම එයා යූස් කරන්නෙ මේ අගාර් ෆොග්ග් පර්ෆියුම් එක....එකේ සුවද මට හොදටම හුරුයි.... එයා ඒක වෙනස් කරන්නෙම නැහැ.... ඒ නිසාමද මන්දා ඒ සුවද දැනෙද්දිම මාව ගව් ගානක් අතීතෙට ඇදිලා යනව....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now