🍁එකසිය විසි හතරවන දිගහැරුම🍁

3.1K 513 531
                                    

🍁 වචන - 7390 කමෙන්ට්ස් ඕනේ 😒 .....

.
.
.
.
.

වෙහෙසකර දවසක් අවසානයේ රෑ දොහළ කිට්ටු වෙලා මන් වාහනේ අයියගෙ ගෙදර වත්තට දැම්මේ වාහනේ අදුරගත්ත ගේට් එකේ අය ගේට් එක ඇරල දෙද්දි..එයාලටත් හෝන් එකක් ගහගෙනම මන් වාහනේ වත්තෙන් හරවල නවත්තද්දිම මන් දැක්කා ඉස්සරහ පුටුවක ඉදගෙන උන්න එයාව.....

ස්ටෙත් එකයි කන්නාඩි දෙකයි ෆෝන් එකයි අරගෙන මන් වාහනෙන් බැස්සෙ එයා දිහා බලන්....

" නිදාගන්න එපැයි අනෙ ! මන් කිව්වනේ මන් එද්දි රෑ වෙනව කියල .... මොකටද ඇහැරන් ඉදියේ "

මන් අහද්දි එයා ඇස් පොඩි කරමින් පුටුවෙන් නැගිට්ටෙ මන් ටයි ගැටේ බුරුල් කරමින් එයා ළගට යද්දි...

" මෙච්චර දවස් පැටියා ළග ඉදල දැන් පැටියා නැතුව කොහොමත් නින්ද යන්නෑ...."

යාහ් ! මන් පැටියෙක් නෙමෙයි හත්තිලව්වේ !

මන් එයා ළගට ගියාම එයා මගේ ඉන වටේ අතක් යැව්වෙ මන් එයාගෙ ඇගට තද වෙද්දි.....

" හරි වැඩේ තමයි වෙන්නේ මට නයිට් වැටුන දවස් වලට...... ම්ම්...."

" ම්ම්......"

" මට ඒත් හිතුනා මෝඩයා වගේ ඇහැරන් ඉදී කියල ...ඒකනේ මැසේජ් එකක් දාලාම කිව්වෙ නිදාගන්න කියල ...."

" ඊළග දවසෙ වාහනේ දාලා යන්න....මන් එන්නම් එක්කන් යන්න..."

" ආ..... පාර්කින් එකේ මදුරුවො තල තල ඉන්නද ? අනේ මේ.... ගෙදරට වෙලා නිදාගන්නව තමුසෙට හෙට වැඩත් තියෙනව අයියේ...! ඊළග දවසෙ යතුරක් දෙන්නකො මන් අරන් යන්නම්..."

මන් කිව්වම එයා හිනාවෙලා මගේ කොන්ඩෙ අවුල් කළේ මන් සපත්තු දෙක ගලවලා ගෙට එද්දි....

එයා දොර වහල දාලා ගෙට ආවෙ මන් මහන්සියෙන් පුටුවක ඉදගනිද්දි......

" ඇග හෝදගෙන එනවද ?"

" කන්නෝනෙ....බඩගිනි...."

" හ්ම්....මන් බත් බෙදන්නම්...අත් දෙක සෝදගන්න....."

එහෙම කියල එයා කිචන් එකට යද්දි මන් මේස් දෙක ගලවලා ටයි එක ගලවලා දාලා ශර්ට් එකේ බොත්තම් කිහිපයක් ගලවගෙන බෙල්ට් එකත් ගලවල දැම්මා.....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now