05 කොටස

84 9 56
                                    

" ඉඩ දියම් මාත් මෙතන ඉන්නෙ..."

පොත දිහා බලන් තෙරෙන්නෙ නැති පාලි දිහා බලන් හිටපු මම උඩ ගියෙ දෙව්ගෙ කටහඩ මට එහා පැත්තෙන් ඇහුන නිසා..මේ මොන හත්වලාමක්ද..මූ මොකද කවදාවත් නැතුව පිටිපස්සට ඇවිල්ලා..අද නම් ගහගෙන යන්නම වහී වගේ...

" මොනවද බලන් ඉන්නෙ උබෙ ඔඩොක්කුවෙ වාඩිවෙනකල්ද බලන් ඉන්නෙ..."

ටෞකන්න අපෙ ඩෙස්ක් එකටම ඇවිල්ලා මූ මට සද්දෙ දානවනෙ..මම ඉක්මනට කියාරට ලන් වෙලා දෙව්ට ඉදගන්න ඉඩ දුන්නා..දේව් වාඩි වෙනකොට අපිට ඉස්සරහා ඩෙස්ක් එකෙන් ආකේත්‍යයි පැහැසි ඇවිල්ලා වාඩි උනා...ආහ් ආහ් දැන්නෙ යකො තෙරෙන්නෙ..මූ කවදාවත් නැතුව පස්සට ආවෙ මේ කෑලි දෙක නිසාද. ඉව් ඉව් බලන් යනකොට මූ ඔක්කොටොම වඩා පැනියෙක්නෙ..අකීට මූ ලයින් වගෙ කොහොමත් පෙනවා..හොදම යාලුවො කිව ගොඩාක් උන් ආදරෙ කරා කොල්ලො..බලමුකො හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිටනෙ...

" මොනාද උබ මගෙ මූන දිහා බලන් භාවනා කරනවද...."

දෙව් මගෙ නලලට එකක් ඇන්නාම තමා මට නොට් උනෙ මම මූ දිහා බලන් මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ කියලා...පට්ට නොන්ඩිය..නොන්ඩි වෙන එකෙ සීමාවක් නෑ මු ඉස්සරහා..

මම ඌට ඔන ලබ්බක් කරගනිම් කියලා පොත දිග ඇරගත්තා..පාලි තමා පාලි..මෙලො ලබ්බක් තෙරෙන්නෙ නෑ...

ටිකක් වෙලා යනකොට ලොකු හාමුදුරුවෝ ඇවිල්ලා පාඩම පටන් ගත්තා..නිදාගන්න ටයිම් එක...මට ඉස්සරහා හිටියෙ පැහැසි..එකි ටිකක් උස නිසා මාව හාමුදුරුවන්ට පෙන්නැ..මම එකිට වැහිලා ඩෙස්ක් එකෙන් ඔලුව තියාගත්තා...වැඩිවෙලා යන්න කලින් මගෙ පිට මැද්දට දඩාස් ගාලා පාරක් වදිනකොට මම උඩ ගිහින් ඇහැරුනෙ ලොකු හාමුදුරුවො ලගටම වැඩලා දිලා ඇරියා කියලා හිතලා...එත් ලග හිටපු දෙව් පගයා රවන් ඉන්නවා දැක්කාම තමා මට නොට් උනෙ කෙලියෙ මූ කියලා..

" මොන හු$තක්ද බං කරන්නෙ..."

" කාලකන්නියා වගෙ නිදියලා තව කුනුහර්පත් කියනවා..උබ මට කියලා කට පොඩි කරගන්න හදන්නෙ ඔය...."

දෙව් රවාගෙන කියනකොට බොරු කියන්න ඔන්නැනෙ මගෙ වාචාල කට නිකම්ම වැහිලා ගියා...ඒ අස්සෙ කියාර පගයා අතින් කටත් වහන් ගෑනි වගෙ හිනාවෙනවා...

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now