✧ 01st 🤎🍂 ✧

51 6 14
                                    

වැහැලා පෑයුවම පොලොවෙන් එන තෙත සුවඳත් එක්ක. වටා පිටාවෙ තියෙන සුවඳවල් එකතු උනාම දැනෙන අමුතු හැඟීම. විඳලා තියෙනවද කවදාහරි.. සල්ලිකාර ගෙවල්වල හැදුන වැඩුන අයටනම් ඒවා දැනෙන්නෙ නැතුව ඇති.

මං හිතන විදියට සල්ලිකාර උන් ගෙවන විකාර ජීවිතේට වඩා සාමාන්‍ය මිනිස්සු විඳින සරල ජීවිතේ ලස්සනයි.. වැස්සක් වැහැලා පායපුවම පාරක ඔහේ ඇවිදිනකොට දැනෙන හැඟීම කාර්වලින් මඩවලවල් වල වතුර කාරගෙන යන උදවියට දැනෙනැහ්..

හොඳයි.. මං දැන් මේ යන්නෙත් ඒ වගේ මාන්නෙන් ඉදිමුනු කෙනෙක්ගෙ බංගලාවට.. තාම මං ඉන්නෙ පාරෙ.. මගේ කලිසම් සාක්කු දෙකට එක අතක් දාන් අනිත් අතෙ වැලමිට ගාවින් එල්ලගත්ත බකට් එකත් එක්ක බංගලාවට ඇවිදන් යන ගමන්. මගේ බකට් එකේ ඉන්නවා යාලුවෙක්.. උගෙත් වෙලාවකට තියෙන්නෙ අර බංගලාකාරයොන්ගෙ මාන්නෙමයි... ඌට ඇති අබ ඇටේක තරම් ලබුගෙඩියකුත් නැ.. ඒ උනාට මගෙත් මහතැන වගේ.

බිනෝවි.. පූස් තඩියෙක්. මේකව මට හම්බුනෙත් මේ වගේ වැහි දවසක හොඳටම වහින වෙලාවක පාර අයිනෙ ඉදලා.. දැක්කම මගේ පපුව දාලා ගියා වගේ. මූන තෙමිලා ඇස් පිහාටුවත් ඇරන් ඉන්න බැරි තරමට වතුරෙන් පෙඟිලා ඉන්නකොට දුකේ බෑ.. ඉතින් මං කුදලන් ආවා.. මට කියලා මොකෙක්වත් නැති නිසා යන යන හැම අස්සකම මං මූවත් උස්සන් තමයි යන්නෙ.. මාව අදුරන හැම එකාම වගේ බිනෝවිත් අඳුරන නිසා ඌට හැමෝම වගෙ ආදරෙයි..

හහ්.. මං නිසා හොඳයි ඉතින්. අර මහ වැස්සෙ මං එදා නොදැක ආවනම් මේ පගයට හම්බෙයි කට්ටියගෙන් ආදරේ.
ඒ තඩියා නිදිද කොහෙද.. මගෙ දකුනු අතට පට්ට බරක් දැනෙනවා එ නිසා. මං බාස්කට් එක අනිත් අතට මාරු කරගෙන දකුනු අත ඔබාගත්තා සාක්කුවට..

මං මෙ ඇවිදන් යන පාර වින්ටේජ් පාර.. මේ පාරෙ හරි අමුතු අමුතු සුකුරුත්තන් තියෙනවා. මං ඒවට ආසයි.. මොකද ඒවා යන්ත්‍රසූත්‍ර නොගෑවුනු සරල දේවල්.. පරණ පොත් කඩ, දුඹුරු පාට කඩදහි.. මල් පොකුරු කඩ.. කෝපි සුවඳ, බබ්ල් ටී සුවඳ පිරුනු කඩවල්.. ආහ්.. තව මෙහෙ තියෙනවා එක එක මැටි භාජන හදන කඩවලුත්.. මේ වගේ දේවල් තියෙන නිසාම වෙන්නැති මේකට වින්ටේජ් මාවත කියන්නෙ..

•| 𝙑𝙄𝙉𝙏𝘼𝙂𝙀 𝙍𝙊𝘼𝘿 |• 🤎🍂 (Yinzhan)Where stories live. Discover now