06 කොටස

70 13 17
                                    

ගෙදර අපු ගමන් අපෙ අප්පච්චිගෙ සුදු නෝනා අතින් හදපු රහම රහ බත් පිගානක් කාලා මම ලිදට ගියෙ සීතල වතුරෙන් නාගන්න ඕන නිසා...දැන් ඉතින් හෙට පලයන්කො රගපාන්න..එක්සෑම් ලග තියන් රගපලා මට හම්බවෙයි..කමක් නැ මම විතරක් නෙවෙනෙ අරුන් ටිකත් ඉන්නවනෙ...

අර ජානු කියන ගෑනි මොනා කරනවඩ දන්නැ...අර දෙව්ලගෙ ස්කොලෙ කොල්ලට මට කිව බොරු ටිකම ආයෙ මුල ඉදන් කියනවා ඇති..කලින් එක්කෙනා අතින් විතරයි ඇල්ලුවෙ කියනවා ඇති...ටෞකන්න මම නෙද කලින් එක්කෙනා....හැබැයි මටත් අතින් විතරයි අල්ලන්න හම්බුනෙ....එක නම් බලු සින් එක...

අනේ මට කොහෙවත් ඉන්න ගැනුන්ගෙන් වැඩක් නැ...අලුත් එකක් ට්‍රයි කරන්න ඕන... එකිත් ඇරලා ගිහාම හරි උබට...දෙයියනෙ කියලා වතුර බාල්දියක් ඇදලා ඔලුවෙ හලාගන්නකොටම මගෙ මුලු ඇගම හීතල වෙලා ගිහින් මොලෙත් එක්ක ගල් උනා වගෙ දැනුනා..

සිතලම සීතල වතුරෙන් නාගෙන ඇවිල්ලා ගෑනු ලමිස්සි වගෙ කාමරෙට රිංගලා ඔලුවත් හොදට පිහ දාගෙන ටවල් එක දොර උඩට දැම්මා..නිදාගන්නවද පාඩම් කරනවද කියලා කල්පනා කරලා ඩ්‍රාමා එකක එක එපිසොඩ් එකක් බලන්න තිරනය කරා...

ෆොන් එක අරන් ඩේටා ඔන් කරනකොටම දෙව්ගෙන් මැසෙජ් එකක් ඇවිල්ලා..ගෙදර ආවද කියලනෙ අහලා තියෙන්නෙ..ගෙදර එන්නැතුව කොහෙ යන්නද පගො මම...

මම ෆොන් එක අරන් ගෙදර ආවා කියලා මැසෙජ් එක ටයිප් කරලා සෙන්ඩ් කරා..ඊට පස්සෙ කියුටි පායි ඩ්‍රාම එක දාගෙන බලන්න ගත්තා..අනෙ අම්මෙ මටත් මේ වගෙ කොල්ලෙක් හොයලා දෙන්න.....මොකද්ද කොල්ලෙක්....ඉව් යකො උබත් කොල්ලෙක්නෙ...නෑ නැ මම කිවෙ කෙල්ලක් හොයන් මම ඒ කෙල්ලට මේ වගෙ හොද බොයිපෙන් කෙනෙක් වෙනවා..එත් එකි මට ඇරලා ගියොත්...ටෞකන්න මෙ වගෙ ආදරනීය වෙන්න පුළුවන් කතා වල ඉන්න උන්ට විතරයි...

එක එපිසොඩ් එකයි කියලා එපිසොඩ් තුනක් බලලා ෆොන් එක පැත්තකින් තිබ්බා..ෆොන් එක දිහා බලන් ඉදලා ඇස් දෙක කන වෙලාද මන්දා...

ඇදෙන් නැගිටලා පොත් මෙසෙන් වාඩි උනා.. සමාගම් ගානක් බැලන්ස් කරලම පටන් ගන්න හිතුන නිසා පොත අරන් ගානක් රූල් කරලා හදන්න පටන් ගත්තා...මහ ලොකුවට ගත්තට පැය භාගෙන් හදන්න ඕන ගාන මම පැයකට වඩා හැදුවා..සමාගම් ගාන බැලන්ස් නොකරට ෆෙල් වෙන්නැ කියලා සර් කියනවා..එත් සර් කියන්නෙ ඒක හදන්න ට්‍රයි කරන්න කියලනෙ..හැමදාම ට්‍රයි කරනවා විතරයි හැබැයි හදාගන්න බෑ මට..මට නෙවෙ කියාරයටත් බෑ..ඌට නම් කොහොමත් ඔක්කොම ගනන් පැටලෙනවා...

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now